53

887 169 81
                                    

ජන්ග්කුක් හිමින් හිමින් එයාගෙ කුටියට ඇදුනා. පරිසරය ඝණ කළුවර වෙලා ගනිමින් තිබියදි ඒ හා සමානව එයාගෙ හදවතත් කළුවරින් වෙළී තිබුනා. ඒ මොහොතකට පෙර එයාගෙ ඇල්ෆා ප්‍රකාශ කරපු දේ නිසා.

ගතේ ඇති වේදනාවත් විඩාවත් සමඟින් අමාරුවෙන් වුවත් ජන්ග්කුක් ඇදුනේ ඇඳුම් අල්මාරිය දිහාවට. එයා ඒක ඇරලා එයාගෙ වස්ත්‍රයන් අතර සඟවා තිබූ දෙයක් වෙව්ලන දෑතින් අරගත්තා.

ඒ එයාලගෙ ජීවිත සියල්ල විනාශ වීමට මොහොතකට පෙර එයාලා අවසානයට ගත් පවුලෙ ඡායාරූපය.

ජන්ග්කුක්ගේ කටින් සිහින් ඉකියක් පිටවුනා. එයාගෙ බොඳ වූ දෙනෙත් රැඳී තිබුනේ අධිරජුගෙ උකුළෙ ඉන්න එයාගෙ පුංචි පුතා මත. එයාගෙ වෙව්ලන ඇඟිලි හිමින් පැටියගෙ රූපය මත තැබුවා.

"ට්-ටේජන්- ම-මගෙ පුතා."

ජන්ග්කුක්ට තවත් එයාගෙ කඳුළු පාලනය කරගත නොහැකිව ඉකිබින්දා.

ඒ ඡායාරූපයේ එයාලා හතර දෙනා ඉන්නෙ කොයිතරම් නම් සතුටකින්ද? හතර දෙනාගෙම මූණවල් වල හිනාව පිරී තිබුනා. විශේෂයෙන් එයා ගොඩක් කාලෙකට කලින් දැකපු එයාගෙ ඇල්ෆාගෙ ලස්සන වගේම ගාම්භීර ඒ හිනාව දිහා ජන්ග්කුක් බලා හිඳියා.

එයා මේ ඡායාරූපය ටේහ්‍යුන්ගෙන් සඟවගෙන තබා ගත්තා. තවත් එයාලගෙ හදවත් පාරගන්න ජන්ග්කුක්ට උවමනාවක් නෑ. ඒත් ජන්ග්කුක් කලේම ඇල්ෆාත් නැති හුදකලා රාත්‍රීන් වල මේ ඡායාරූපය පපුවට තුරුලු කරගෙන ඇති වෙන්න හඬපු එක.

එයා ඒ වේදනාව පිට කරනවා, ඒත් එයාගෙ ඇල්ෆා මොන තරම් වේදනාව සඟවගෙන මේ වසර තුළ ජීවත් වුනාද කියලා ජන්ග්කුක්ට දැන් හිතාගන්න පුළුවන්.

ටේජන්ව කිරුළ හිමි තනතුරට පත් කිරීමේ උවමනාව තිබුනෙ ටේහ්‍යුන්ට, අනිවාර්යයෙන්ම ඒ දේ ගැන ටේහ්‍යුන් දැන් දහස් වාරයක් පසුතැවෙනවා ඇති කියලා හිතද්දි ජන්ග්කුක්ගේ පපුව පිච්චිලා ගියා. ඒත් ඒ කිසිම දෙයක වරදක් එයාගෙ ඇල්ෆා මත නෑ කියලා පැහැදිලි කරන්නටවත් ටේහ්‍යුන් එයාගෙන් ගොඩක් ඈත් වී හිටියා.

අද ටේහ්‍යුන් ප්‍රකාශ කරපු දේ එක්ක එයාගෙ ඇල්ෆා ගැන තිබූ ජන්ග්කුක්ගේ වේදනාවා තව වැඩි වුනා. වෘකයා නොමැතිව ටේහ්‍යුන්ට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ. දැන් එයාගෙ ආදරණීය ඔමේගාගෙ ලිලී සුගන්ධය පවා ටේහ්‍යුන්ට දැනෙන්නෙ නෑ. එය දැනුනා නම් සමහරවිට ටේහ්‍යුන්ගේ මේ තත්ත්වය වසරක් ගෙවෙද්දි වත් සෑහෙන්න වෙනස් වෙන්න තිබුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now