luck❤️

11 3 6
                                    

ගොඩක් අය කියනවා මන් වාසනාවන්තයි කියලා.
ඔව් වෙන්න පුළුවන්. මොකද මට මේ ලෝකේ ගැහැණු කෙනෙක් විදියට තියෙන්න ඕනේ හැම දෙයක්ම තියෙනවා. ලස්සන පව්ලක්, රස්සාවක්, ලස්සන ආදරේ පිරුන පුංචි ගෙදරක හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න ලැබිච්ච එක,එකඅතකින් වාසනාවක් නොවෙන්නේ කොහොමද නේද?
එත් මන් කැමති ඒකට වාසනාවට වඩා මන් ඒ දේ කොහොමහ‍රි කරා, මන් ජිවිතේ දිනුවා කියලා කියන්න.ජිවිතේ කියන්නේ තරගයක්. අපි මේ ගෙවන හැම තත්පරේකම කරන්නේ ජිවත් වෙන්න මහන්සි වෙන එක නෙවෙය්ද?ඒ තරගේ අතරේ ගොඩක්‌ අය පරදිනවා.ටික දෙනෙක් දිනනවා.
මන් මගේ ජිවිතේ ගොඩක්‌ දේවල් වලදී ඒක උනේ මගේ වාසනාවට කියලා බොරුවට හරි හිත හදාගත්තේ මන් ආසම දේවල් මගෙන් ඈත් වෙලා යද්දී.හැබැයි කාලයත් එක්ක ඉස්සරහට යද්දී මට තේරුණා අපි පිළිගන්න අකැමති යථාර්තය ඒක කියලා.
මන් අදත් හෙටත් විස්වාස කරන එකම දේ " අපි ආසම දෙයක් උනත් අපිට නැති උනාට කමක් නෑ විශ්වය විසින් අපිට අනිවාරෙන්ම එය්ට වඩා ලස්සන සැලැස්මක් අපි වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා "

..........

මන් මේ ලෝකෙ එලිය දකින්නේ 1997 සැප්තැම්බර් 01 වෙනිදා. ඔව් මේ වෙනකොට මට වයස 27ක්‌. මම ඉපදුනේ මද්‍යම පාන්තික පව්ලක. ඉපදුනු වෙලාව, දවස අනුව හදපු නැකතේන් මට දාපු නම උනේ ජියා වූන්. "වූන්" කියන එකෙන් කියවෙන්නේ වාසනාවන්තයි කියලලු.මට‍ ඉන්නේ මට වඩා වයසින් බාල සහෝදරියකුයි සහෝදරයෙකුයි.මගේ අම්මා උනත් ඒතරම් වයසින් මුහුකුරා නොගිය කෙනෙක් මන් මේ ලෝකේ එලිය බලද්දී.ඇය එතකොට විශ්ව විද්‍යාල ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යයාවක්.ගොඩාක් මිනිස්සු මගෙන් අහන දෙයක් තමයි ඇයි තාත්තා ගැන කියන්නේ නැත්තේ කියලා.මට ඔහු ගැන තියන්නේ බොද උණු චායාවක් වගේ මතකයක්.යන්තමින් මට අව්රුදු 09 ලැබුවාම ඔහු ලොකු ගමනක් ගිහින් කියලා මගේ අම්මා කියුවා මට යන්තමට වගේ මතකයි.හැබැයි එදායින් පස්සේ කවදාවත් මගේ ඔලුව අතගාල මගේ නළලට ආදරණිය හාදුවක් දෙන්න තාත්තා මගේ ලගට ආවේ නැහැ. මන් තව ටිකක් ලොකු උනාම මට දැනගන්න හම්බුනා ඔහු තවත් ආදරණිය පව්ලක් සමග ලස්සනට ජිවත් වෙනවා කියලා.හැම ගැහැණු ළමයෙක්ගේම ජිවිතේ පලවෙනි ආදරවන්තයා, පලවෙනි ආරක්ෂකයා, වීරයා වෙන්නේ තාත්තා. ලොකු පුංචි අපි හැමෝම කැමති තාත්තගේ කරේ එල්ලිලා වඩා ගන්න කියන්න, ආස දෙයක්‌ ඉල්ලගන්න,ආදරණිය වචන ටිකක්‌ අහන්න. එත් ඒ හැමදේම මට එකම එක පින්තූරේකට විතරක් කොටු උනා.මට ඒ ආරක්ෂාව, ඒ ආදරේ ලැබිය යුතුම කාලේ මගෙන් එක ගිලිහිලා ගියා. කාලෙත් එක්ක මට ඒ දේ මගේ ජිවිතේ උන සාමාන්‍ය සිදුවීමක් ගානටම අමතක වෙලා ගියා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24 ⏰

Add this story to your Library to get notified about new parts!

Luck ☘️🖤Where stories live. Discover now