💐 දහ නවවන කොටස 🌷

5 3 0
                                    

" චින් මේ. "

අයිඩෙන් පත්තරයක් කියවමින් සිටියේය. ඔහුට අද නිවාඩු දිනයකි.

" ඔව්. "
චින් මේ උදෑසන පානයට තේ හදමින් සිටියේය.

" පොඩ්ඩක් එන්න පුළුවන්ද? "

" ඉන්න. "

චින් මේ තේ කෝප්ප දෙකක් රැගෙන ඇවිත් සැටියේ ඉදිරියේ තිබු කුඩා වීදුරු මේසය මත තැබීය.
ඉන්පසු අයිඩෙන් ගේ ළඟින් ම ඉදගත්තේය.

" අපි අද ගමනක් යමුද? "

" ම්ම්. කොහෙද? "

" මේ වසන්තය නිසා අපිට බලන්න සුන්දර තැන් තියෙනවා. "

" ම්ම්. යමු. "

.......... උදෑසන දහයට පමණ ඔවුන් ගෙදරින් පිටත් විය.

මුලින්ම ඔවුන් ගියේ ඩෙල් ගා(ර් )ඩා Del Garda හි ඇති කුඩා කෞතුකාගාරයක් වෙත ගියේය. එහි නොයෙකුත් සිතුවම් දක්නට ලැබුනි.

පෙම්වතුන් එකිනෙකාට තුරුළු වී, දෑත් එකිනෙක පටලා ඔහේ කියව කියව වීදි වල ගමන් කරයි. ඒවා දකිද්දී චින් මේ ට ඒ ලෙස ගමන් ගන්න ට ආස හිතුනි.

නමුත් එකල සමාජයට ඒවා පිලිකුලක්, ජරාවක් මිස සුන්දර දෙයක් නොවීය. ඔවුන් පෙම්වතුන් වුවද යම් පරතරයක් තබාගෙන ගමන් කරයි.
අයිඩෙන් චින් මේ ගේ හැඟිම් තේරුම් ගත්තත් ඒවා නොදැනුනා ලෙස ගමන් කළේය. මුළු දවසේම නොයෙකුත් තැන් වල ඇවිද්ද ඔවුන් හවස් යාමයේ ගියේ ඩෙල් ගාඩා හි ඇති සුන්දර ම ස්ථානය ට විය.

එය දිය ඇල්ලකි. කුඩා කෙටි පාරක් හා වනයක් පසු කරමින් අවසානයේ හමුවෙන එම දිය ඇල්ල පෙම්වතුන් ගේ පරාදීසයකි.

චින් මේ හා අයිඩෙන් වනය මැද දෑත් පටලා ගෙන හෙමින් හෙමින් ගමන් ගත්තේය.

" මෙහෙ කවුරුත් නැද්ද? "

" ඉන්නවා. නමුත් මේ වන මාර්ගය දුර නිසා වැඩිය කවුරුත් මෙහි එන්නේ නැහැ. ඈතින් දිය ඇල්ල බලා යනවා. "

" එසේ නම් අපිට අත් අල්ලාගෙන යා හැකියි. "

" ම්ම්. "

රතු මේපල් කොලයක් චින් පාවෙනවා දුටු චින් මේ එය අල්ලා ගත්තේ ය.

" මෙය ආදරයේ සංකේතයක්. "

" හ්ම්. "

" ඔබ ඇයි කතා නොකරන්නේ. "

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now