No matter what

57 12 81
                                    

Continuing Beomgyu's pov.

නාගෙන කියාගෙන පහළ කෑම මේසෙට ආව හීසං තමන්ගෙ දවල් කෑම කන්න ලෑස්ති වුනේ රෑ හතට විතර.

හැබැයි ඉතින් කොල්ලා දැනන් හිටියා පොඩි එකත් තවම කාලා නෑ කියලා.ඒක හින්දා මූ ඌවත් එක්කගෙනම තමා කන්න ලෑස්ති වුනේ.

ඒ මොන දේ වුනත් අර බල්ලයි කොල්ලයි තාම සාලෙට වෙලා පාඩුවේ ගේම් එක ගහගෙන ගියා.ඌ හෙඩ්සෙට් දෙක දාන් හිටිය හින්දා උට අනම් මනම් සද්ද බද්ද කිසිම දෙයක් ඇහුනෙ නෑ.

කොටින්ම කීවොත් ඌ මේ වෙලාවෙ හිටියෙ ආයුධ සන්නද්ධව සටනකට ගිහින්.

Heeseung : නිකී?

හීසං එකදිගටම පොඩි එකාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තෙ උගෙ මූණෙ කිසිම සතුටක් මේ වෙද්දි පේන්න තිබ්බෙ නැති හින්දා.

ඒ අස්සෙ මූ බොන්න කියලා බෙදලා දුන්නු සුප් එකත් නොබී චොප්ස්ටික්ස් දෙක ඒකට දාන් එහෙට මෙහෙට කර කර ඉද්දි කොල්ලට තවත් සැක හිතුණා.

Niki : හ්‍යුන්..

Heeseung : මොකද්ද ප්‍රශ්නෙ බං? දිගටම හ්‍යුන් හ්‍යුන් ගගා ඉන්නවද නැත්තම් කියන්න තියෙන දේ කෙලින්ම කියනවද?

Niki : මං ළමයෙක්ව මැරුවා කීවොත් හ්‍යුන් මාව විශ්වාස කරනවද?

පොර ඉඳලා ඉඳලා හීසංව කොර වෙලා යන විදියෙ ප්‍රශ්නයක් ඇහුවා.

Heeseung : මොකක්? කොහෙත්ම නෑ.

Niki : ඇයි නෑ කියන්නෙ?

Heeseung : උඹට එච්චර දෙයක් කරන්න බෑ.උඹ කොච්චර චණ්ඩියෙක් වුනත් උඹට ඒක කරන්න බෑ.මං දන්නවනෙ.

Niki : එහෙනම් ඇයි මිනිස්සු එහෙම කියන්නෙ?

කොල්ලගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් හීසංට කන එකත් එපා වෙලා ගියා.

මොකද කීවොත් පොඩි එකා අහන දේවල් හින්දා පොරට හෙනටම අවුල් ගියා.

Heeseung : ම්? කවුද? කවුද ආයෙම?

Niki : මං ඒ කවුද කියලා කීවොත් හ්‍යුන් හැමදාම වගේ මේ පාරත් එයාව හොයන් ගිහින් ගහනවද?

Heeseung : ආශ් ‍! නිකී !! මොකද්ද උඹට වෙලා තියෙන්නෙ ????

හීසංට තරහ ගිය පාර ජේකෙගෙ ඇඟ උඩ හිටිය ලයිලත් බුරන්න පටන් ගත්තා.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now