54

891 161 155
                                    

දෙමසකට පසු

මොහොතකට පෙර අවසන් වූ උණුසුම් මොහොතින් පසු ඇල්ෆාත් ඔමේගාත් දෙදෙනාම යහන මත සන්සුන් වෙමින් හිටියා. ඒත් ඇල්ෆාගෙ ස්පර්ශයන් වල නම් කෙළවරක් නෑ.

ලාම්පුවේ කහ පැහැ ආලෝකයෙන් දිලෙන ඔමේගාගේ රන්වන් පැහැ නිරුවත් සිරුරේ උඩ සිට පහළටම හැම අඟලක්ම ඇස් වලින් මරමින් ස්පර්ශ කරමින් මේ ඇල්ෆා රසවින්දා.

"මේ ලෝකෙ වාසනාවන්තම ඇල්ෆා මම." ටේහ්‍යුන් එයාටම මුමුණගත්තේ ඔමේගාගෙ නිදිබර සුන්දර මුහුණ රසවිඳිමින්. අනෙක් ඇල්ෆාවන්ගේ ඉරිසියාවට පාත්‍ර වන දුර්ලභ ගණයේ අසීමිත සුන්දරත්වයක් හිමි දෙමුහුම් ඔමේගාවෙකුටයි එයා හිමිකම් කියන්නෙ.

ඊළඟට එයා ආඩම්බරෙන් බැලුවේ එයාගෙ පැටවෙකු වැඩෙන ඔමේගාගෙ කුස දිහා.

මේ වතාවේ ඔමේගාගෙ දරු ගැබට පාත්ව ටේහ්‍යුන් එයාගෙ නහය අතුල්ලමින් සිපගත්තා.

"මගෙ මැණික අප්පාට දැනෙන්න තව එක වතාවක් පයින් ගහන්න." ටේහ්‍යුන් ඔමේගාගෙ කුසට මුමුණද්දි දෑස් පියන් මේ සියල්ල අහන් හිටපු ජන්ග්කුක්ගේ මුවේ හිනාවක් ඇඳුනා.

"එයා තාම පුංචියි ටේහ්‍යුන්ගි. ඔයා කියන කියන වෙලාවට- ඔහ්-"

ජන්ග්කුක් කියන එක නැවතුනේ පැටියගෙන් පුංචි පහරක් එයාගෙ කුසට දැනෙද්දි. ටේහ්‍යුන් ආඩම්බර හිනාවක් මූනට නගාගෙන ජන්ග්කුක් දිහා බැලුවා.

"එයා අප්පාට ආදරෙයි ගොඩක්." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ට හිනා. ඊළඟට ටේහ්‍යුන් හුස්මක් හෙළා හරිබරි ගැහුනා.

"එයා ගැන අපි ටේහිට කියන්න ඕන පැටියො. කෙල්ලට මේ දවස් වල ඔයාගෙ වෙනස තේරෙනවා."

"එහෙමද?"

"හ්ම්ම්.. මං දැක්කා අද උදෙත් එයා ඔයාගෙන් කිරි බොද්දි ඔයාගෙ කුස දිහා අමුතුවට බලන් ඉන්නවා."

ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ දෑස් ලොකු වුනා.

"ඔහ් එහෙනම් ඒක තමයි මෙයා පයින් ගැහුවම ටේහි කිරිබොන්නෙත් නැතුව මගෙ ඇඟෙන් බැහැලා ඔයා ගාවට ආවෙ." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිස වැනුවා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now