Whose?

61 12 112
                                    

Continuing Beomgyu's pov...

නිකියා කීව කතාව හ්‍යුන්ලා ටික අහන් හිටියෙ හීමිච්චො ටික වගේ කිසිම සද්දයක් නැතුවමයි.

පොඩිම එකා සීරියස් වුනා කියන්නෙ ඉතින් අනික් එවුන්ට කවර කතා ද.

Niki : හ්‍යුන් හිතුවට හැමදේටම කට වහන් හිටියම හරි කියලා,ඒක එහෙම නෙවේනෙ.අපිත් මිනිස්සුනෙ?

Jay : නිකී? උඹෙ කට වැඩී ආ දැන් !

Jake : ඒකනෙ බං? අපිවත් හ්‍යුන්ට ඔහොම කතා කරලා නෑ.

Niki : ඒක හින්දා තමා මම කතා කරන්නෙ ! මට මේක ඉවසන්න බෑ තවත්.ඉස්කෝලෙ ගියත් කවුරුත් මාත් එක්ක කතා කරන්නෙ නෑ.ගෙදරින් එලියට ගියත් වටේ පිටේ අය අමුතුවට බලාගෙන ඉන්නවා.මට මෙහෙම ඉඳලා එපා වෙලා තියෙන්නෙ හ්‍යුන්.මීට වඩා හොඳයි පාරෙ හිඟා කෑවනම්.

නිකියා කියවන්න ගත්ත පාර හීසංට කට උත්තර නැතුව ගියා.

හැබැයි කොල්ලගෙ ඇස්වලින් කාට කාටත් ලොකු කතාවක් පේන්න තිබුණා.කොල්ලා කොච්චර දස්සයෙක් වුනත් ඒ වෙලාවෙ නිකීගෙ කතාවලට කොල්ලගෙ හිත සෑහෙන්න රිදුනා.ඒ කොච්චරක්ද කීවොත් ඌ කඳුළු හංගගන්න ෆුල් ට්‍රයි එක දුන්නෙ තමන් මේවට උත්තර දන්න නිසා.

පේන විදියට මේක ලොකු ප්‍රශ්නයක් වගේ.

ඇත්තටම අපිත් උන්ට විහිළු කරනවා පාරෙදි හම්බුනාම.ඒක ආතල් වුනාට වැරදි වැඩේ හැබැයි.

Jay : නිකී !

ජේ නිකීගෙ සද්දෙ අඩු කරන්න බලන් කොල්ලට කම්මුල් පාරක් දෙන්න අත ඉස්සුවේ මූණත් රාජලියෙක්ගෙ වගේ කරගෙන.

Jake : හා හා දැන් ඕක නවත්තගනිල්ලා ! මොන වෙඩින් එකක්ද මේක? හ්‍යුන් වරෙන් යන්න කෑම ටික සීතල වෙන්න කලින් කන්න ඕනි.

ස්ථානෝචිත ප්‍රඥාව තිබ්බෙ උට විතරයි.

Heeseung : හ්ම්.. උඹලා පලයල්ලකො.මං පස්සෙ එන්නම්.

Niki : ආයෙ පස්සක් නෑ හ්‍යුන්.මෙන්න මෙහෙ එන්න යන්න.මං කියපුවා ආපහු මගේ ළඟටම ගන්නම්.හ්‍යුන් දන්නවනෙ මගෙ හැටි?

නිකීගෙ බර බරේ හින්දා අන්තිමට අරූට ඇඳෙන් නැගිටින්නම සිද්ධ වුණා.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now