වෙරළකොනක හිඳ 02

39 9 0
                                    

හිච්චා මාත් එක්ක කතා කර කරම රෙස්ටුරන්ට් එකේ බාර් එක ළගට ගිහින් අර කොල්ලා මුහුදෙ නාපු කොල්ලට කතා කරා.

" ආ දිනෙත් මල්ලි වැඩ වගේ "

එතකොට මට තේරුනා ඒ කොල්ලගෙ මම දිනෙත් කියල.

" ඔව් බන් හිච්චා අයියෙ, මොනාද ගන්නෙ අද ?. "

" අපිට ඉතිං ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් වලින් ගහන්න සල්ලි නෑනෙ බන්. බියර් එකක් දියන්"

" එතකොට මේ අනිත් එක්කෙනාට "

දිනෙත් මං දිහා බලන ගමන් ඇහුවා.

" එයාට ද එයාට එපා. "

" ඒ මොකෝ "

" එයා අමද්‍යප. මතින් තොරයි "

හිච්චා එහෙම කියනකොට දිනෙත් ආයෙ මන් දිහා බලල හිනා වෙලා හිච්චට බියර් එකක් ගෙනත් දුන්නා. හිච්චා බියර් එක එතන තියාගෙනම බොන ගමන්  දිනෙත් එක්ක කයියට වැටුනා.

" ඒ බන් දිනෙත් වෙන රස්සාවක් හොයාගනින්කො මේකෙ ලගින්නෙ "

" වෙන රස්සාවක් හම්බෙනව නම් මේකෙ ලගින්න එනවද බන් හිච්චා අයියෙ. "

"  වරෙන් ඉතිං මාත් එක්ක මූදු යන්න "

"  අපෝ මට නම් බෑ ඔය සත්තු මරල සල්ලි හම්බ කරන්න "

" අනේ පලයන් දිනෙත් යන්න උබලට කන්න හොදයි මැරුවම තමා වැරදි උබලගෙ පකේ ලොජික් "

" කුණුහර්ප කියන්න එපා යකෝ, හරි නෑනෙ "

මම හිච්චට කිව්වා.

" ඒක අවුලක් නෑ බන් නදීෂයා මූ දන්නවා මන් විහිළුවට කියන්නෙ කියල. ඒ දිනෙත් උබ දන්නවනෙ මන් විහිළුවට කියල කුණුහර්ප කියන්නෙ උබට "

" දන්නව දන්නව තමුසෙට ඉතිං මාව දැක්කම විහිළුවක් නොකරොත් නින්ද යන්නෑනෙ "

" එහෙම තමා ගමේනෙ කොල්ලොනෙ "

තව ටික වෙලාවක් දිනෙත් එක්ක කතා කර කර ඉදල රෙස්ටුරන්ට් එකෙන්ම රෑට කාල මායි හිච්චයි බීච් එක දිගේම ආපහු ගෙදර යන්න පිටත් උනා.

" නදීෂයා "

" ම්ම්ම්ම් "

" උබ හිත හොද එකා බන්. මුදලාලි වගේ නෑ "

වෙරළකොනක හිඳWhere stories live. Discover now