55

801 161 105
                                    

මේ අමාත්‍ය ජේයොන්ගේ නිවස. මේ මොහොතේ ජේයොන්ගේ බිරිඳ තේ පැන් වත්කරගෙන ජේයොන්ගේ කුටියට ඇතුළු වෙමින් හිටියා.

මේසය මතින් තේ පැන් සහිත බන්දේසිය තැබුව එයාගෙ බිරිඳ වාර්තාවක් පිරික්සමින් හිටපු ජේයෝන් දිහා බලලා මදහසක් නැගුවත් ජේයොන් එයාට අවධානය යොමු කලේ නම් නෑ.

"ස්වාමීණි, තේ පැන් නිවෙයි පානය කරන්න." එයා ගෞරවයෙන් ජේයොන්ට කියලා ඒ අසල පුටුවෙන් වාඩි වුනාම සුසුම් හෙළමින් අතේ ඇති දේ එහායින් තැබුව එයා තේ පැන් පානය කරන්න පටන් ගත්තා.

"ඔබතුමා ඇයි අගනුවර නව අවුරුදු උත්සවයට නැතුව උතුරු ග්‍යොන්සන් පළාතෙ ගමක තියෙන උත්සවයකට යන්නෙ?" බිරිඳ කනස්සල්ලෙන් ඇහුවම ජේයොන් අන්තිමේදි තමන්ගෙ බිරිඳ දිහා බැලුවා.

"එහෙ තමයි මගෙ ප්‍රධාන අවි කර්මාන්තශාලාව තියෙන්නෙ, ජියොන් අධිරජුට දෙන්න බැරි වුනු තිළිණය ගන්න මම යන්න ඕන. මේක අවුරුදු සැමරිය යුතු මොහොතක් නෙමෙයි."

කිව්ව ජේයොන් ඍජු දෑස් ඉදිරියට යොමු කර තේ උගුරක් බිව්වා.

"අවුරුදු සමරන්න පුළුවන් මම බලය අල්ලගත්තට පස්සෙ." ජේයොන් කිව්වම බිරිඳගෙ සතුට නිම්හිම් නෑ.

"ඇ-ඇත්තටම, ඔ-ඔබතුමා හන්ගුක් වල අධිරජු වුනොත් ම-මම නේද ඔබතුමාගෙ අගරැජිණ වෙන්නෙ?" බිරිඳ ඇහුවම ජේයොන් තේ කෝප්පය මුවට ළං කරගෙන කටකොනකින් හිනාවුනා.

"හ්ම්ම්.." එයා කිව්වේ එපමණයි.

"ඉතින් ඔබතුමා සේවකයෙක් යවා ඒ අවි ගෙන්වගන්නකො, අපි මේ අවුරුද්දෙ මෙහෙ මේ සතුට සමරන්න ඕන~" බිරිඳ ජේයොන්ගේ අතේ එල්ලෙමින් කිව්වම එයා බිරිඳ දිහා බැලුවා.

"කිව්වා නේද අගරැජිණ වෙන්න ඕන කියලා? එහෙම වෙන්නෙ මම පාලනය බලය අතට ගත්තොත් විතරයි." කිව්ව ජේයොන් බිරිඳගෙ අත ගසා දැමා නැවත තේ පානය කලා.

"මං යන්නෙ අවි ගෙනෙන්න විතරක් නෙමෙයි,

පලා ගිහින් සැඟවී නිදා ඉන්න කොටියෙකුව, ඌ අවදි වෙන්න පෙර නිහඬ කරන්නයි මං යන්නෙ,

අනෙත් කොටියත්, කොටි පැටියත් එක්කම."

කිව්ව ජේයොන් කපටිව හිනාවෙමින් තේ පානය කරහම එහි අර්ථය නොතේරුන බිරිඳ ව්‍යාකූලව එයාගෙ සැමියා දිහා බලා හිඳියා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now