The bungalow

46 13 104
                                    

Continuing Beomgyu's pov.

ඉම්හි ඉම්හි,

ඕරා ජීයුන් එක්ක බංගලාව පහු කරලා යන්න හදද්දිම වගේ ඒ ගෙදර හිටිය පොරක් බෙරිහන් දෙන්න පටන් ගත්තනෙ.

Jake : යකෝව්ව්ව් ! මගෙ යට කලිසම ගෙනත් දෙයන්කො ජේ ‍!

Jay : තව ටිකක් කෑගහපන් !

Jake : අනේ බං මගුලක් කතා නොකර ගෙනත් දියන්කො මට පරක්කු වෙනවා අයිසෙ !

ජේක් උදේම නාගෙන කියාගෙන බාතෲම් එකෙන් එලියට ඇවිත් ඇඳුම් මාරුකරගන්න හැදුවා විතරයි ඇඳුම් ඇඳින්න ගියාම තමා පොරට මතක් වුනේ කලින් දවසෙ ඔක්කොම හෝදන්න තිබ්බ රෙදි වොශින් මැෂින් එකට එබුවා නේද කියලා.

කොල්ලනේ..ඔහොම තමා ඉතින් පවුලක් පන්සලක් වුනාම ඕවා හරියනවා.ඉම්හි.

ඒ ගෙදර නැනී වගේ ඉන්නෙ, ජේ නොහොත් කෑම මාස්ටර් සුදු මහත්තයා හින්දා ගෙදර ගොඩ ගැහෙන රෙදි ගැන පවා බලන්න වෙලා තියෙන්නෙ උටම තමා.

පොර අනාගතේ වැදගත් හබියෙක් වෙයි කියලා මට නම් සීයට පන්දාහක් විශ්වාසයි.

Aura : එහ්? ඒ හොල්මන්ද?

Jiyun : පිස්සුද බං ඔන්නි ? හොල්මන් කවද්ද යට කලිසම් ඇන්දෙ?

නෑ එයා අදහස් කළේ හොලමන් ඇඳුම් අඳින්නෙ නෑ කියලා නෙවෙයි.(ඔහෙලගෙ කැත හිතට හිතෙන එව්වට මම පලි නෑ හොඳේ)

Aura : වාහ්හ්.. ලස්සනයි.

අරූගෙ කලිසම් හොයන්න කියලා බංගලාවෙ උඩ තට්ටුවේ කොරිඩෝ එක දිගේ එහාට ගිය ජේයියව දැකපු ඕරා නම්කිගෙ හිත මුකුලිත වෙලා වික්ෂිප්ත වෙලා ඇඹරිලා ගියේ අන්න එහෙමයි.

Jiyun : මෙහෙ දැන් ෆොරින්ස්ලද ඉන්නෙ? එයා නම් අපේ එකෙක් වෙන්න බෑ.

මුං දෙන්නා දැන් විනාඩි දහයක් විතර එකම තැන නේද කියලා ගානක්වත් නැතුව බංගලාව දිහා බලන් හිටියෙ ගේට් එකේ තිබ්බ කලු පාට කම්බි කූරු අතරෙන්.

මුං දෙන්නා දැන් විනාඩි දහයක් විතර එකම තැන නේද කියලා ගානක්වත් නැතුව බංගලාව දිහා බලන් හිටියෙ ගේට් එකේ තිබ්බ කලු පාට කම්බි කූරු අතරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now