The Blood Drop.

47 13 132
                                    

Continuing Beomgyu's pov.

වෙච්ච කලබැගෑනිය මොකක් වුනත් අර පොඩි එකාට තුවාල වෙලා තිබ්බ හින්දා හීසං ඔක්කොටම කලින් ඌව ඩිස්පෙන්සරිය ඇතුළට එක්කන් ගියා.

ඊට පස්සෙ කොල්ලව ලෙඩ්ඩු දාන්න තියෙන ඇඳක් උඩ ඉන්දවලා ප්‍රථමාධාර පෙට්ටිය උස්සගෙන ආවා.අනේ ඉතින් පවු අසරණ හීසං.

උට පාත් වෙන්නෙම අහක යන බාල්දිමයි.

Heeseung : කවුද ඒ මිනිස්සු?

පුළුන් කෑල්ලකට සේලයින් වතුර ටිකක් දාපු හීසං අර ළමයගෙ වම් අතේ වැලමිටෙයි නළලෙ වම් පැත්තෙයි තිබ්බ තුවාල පිහදාන්න පටන් ගත්තෙ ඩොකා එන්න තව පරක්කු වෙන නිසා.

?? : දන්නෙ නෑ.

Heeseung : එතකොට ඒ මිනිස්සු කිඩ්නැප් කරන් ගියේ ඔයාගෙ නූනවද?

?? : ආහ්,රිදෙනවා !

පවු පොඩි එකා.හීසං කොච්චර හිමින් ඒ වැඩේ කරත් ඒ කොල්ලට ඒක ඉවසගන්නත් බැරුව ගියා.

Heeseung : රිදෙන්නෙ නැත්තම් ඕක තුවාලයක් වෙන්නෙ නෑනෙ කොල්ලො? නම මොකක්ද ඔයාගෙ?

මූ ශේප් එකේ කොල්ලව කයියට අල්ලගෙන ඊළඟට ඒ තුවාල ස'ජිකල් වතුරෙන් පිහදාන්න ලෑස්ති වුණා.හැබැයි මූ බයෙන් හිටියෙ පොඩි එකා බෙරිහන් දෙයි කියලා.

බෙරිහන් දෙන්නැද්ද යකූ ඒවා තුවාලෙකට වැටුනම දැනෙන වේදනාවට...අම්මපා මට නම් අහවල් වැඩෙත් එතනම වෙයි.මොකද කීවොත් මගෙ ඉවසීම ශුන්‍යයි.ශුන්‍ය මීන්ස් බිංදුව.

?? : මම හ්.. හේ- ආ.. ආහ්හ් ! ආව් රිදෙනවා අංකල්ල්ල්ල්ල් !

හරිනෙ ආසාව.තව පොඩ්ඩෙන් හීසංගෙ නරක තැනකට පයින් පාරක් වැදෙනෝ.

Heeseung : හරි හරි පොඩ්ඩක් ඉන්න.දැන් බෙහෙත් දාන්න විතරයි තියෙන්නෙ.අනික මං අංකල් කෙනෙක් නෙවෙයි.හ්‍යුන් කියලා කතා කරහන්.

Hael : අම්මට සිරි ! සොරි හ්‍යුන්.. දැන් මං මොකද්ද කරන්නෙ? අර මිනිස්සු වොනියව කොහෙ උස්සන් ගියාද දන්නෑ.එයා නැතුව මං ගෙදර යන්නෙ කොහොමද? අම්මා මාව ගෙදරිනුත් පන්නයි.තාත්තා මාව දරුකමෙනුත් අයින් කරයි.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now