🌹 පනස් හතරවන දිගහැරුම 🌹

600 112 92
                                    

🌹රෝ ස 🌹

..

..

..

..

..

මාම්... මම්.. මා....

හරි හරි මැණික.. අපි ඉමුකෝ.. මමා එනවනෙ තව පොඩ්ඩකින්.. නාඩා ඉන්න.. පපා ඉන්නවනෙ චූටී මැණිකට...

මා..ම්....මා.....

කෝ දෙන්න බලන්න යීබෝ.. කෝ එන්න රත්තරන් සීයා පපා ළගට.. අර බලන්න.. අතන ඉන්නව ලොකූ මාලු.. අපි බලන්න යන් මැණික... කෝ එන්නකෝ..

අප්...පා.. පා...පා....

එන්නෙ නෑ පපා..

යීබෝ අතේ ඉදලා කදුලු පෙර පෙර අඩන පුංචි කොල්ලා මීට විනාඩි ගානකට කලින් තමන්ගෙ මමාව ඇතුලට අර ගත්ත දොර දිහා බලන් අඩන්නේ අත් දෙකම ඒ පැත්තට දික් කරලා මමාව බලන්න යමු කියන ගමන්...

හරි හරි.. තව පොඩ්ඩෙන් මමා එනවනෙ පුතේ...

පුංචි එකාගෙ ඇඩිල්ල නිසා අඩුම තරමෙ යීබෝට බැරි උනා ශාන්ට තමන්ව අවශ්‍යම මොහොතෙ වත් එතැන රැදෙන්න...

පුංචි එකාට එක්කො මමා.. එක්කො පපා ඇස් මානෙ ඉන්නම ඕනේ.. නැත්තම් කොච්චර ආදරේ උනත් සීයා පපා ලගට වත් යන්නෙ නෑ...

ඉතින් ශාන් ලෙබර් රූම් එක ඇතුලට යන මොහොතෙ පවා යීබෝගෙ වගේම පුංචි එකාගෙත් මුහුණු අතගාලා ඇතුලට ගියේ බය වෙන්න එපා කියලා..

හරි නම් ඕක කියන්න ඕනේ ශාන්ට නෙවෙයිද අනිත් අය.. ඒත් මෙතන ශාන් කියන්නෙ ගොඩක් ශක්තිමත් මනුස්සයෙක්.. එයාට බයක් දැනුනෙ නෑ.. එයාට තිබ්බෙ දුකක්..

මමාව ඕන කියලා අඩන පැටියව දාලා යන්න.. තමන් එක්ක ඇතුලට යන්න බැරුව දුකින් බලන් ඉන්න සැමියව දාලා යන්න... අනේ පරිස්සමෙන් වස්තුවේ වගේ කියන්න බලන් උන්න පපාව දාලා ඇතුලට යන්න තමයි ශාන් දුක් උනේ..

හැබැයි හිත පුරාම ශාන්ගෙ හිතේ සතුටක් මෝදු වෙලා තිබ්බා.. ඒ තමයි මේ අමාරු අවස්තාවෙත් හැම අම්මෙක්ටම දැනෙන සතුට.. ඉතින් ශාන් මේ වෙලාවෙ ඒ සතුට විදිනවා..

ගතට කිසිම අපහසුවක් නම් නෑ.. මොකද වේදනාව කියන දේ දැනෙන්නෙ නෑ කොන්දට විද්ද බෙහෙත් එකට පින් සිද්ද වෙන්න...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Donde viven las historias. Descúbrelo ahora