57

745 155 91
                                    

මධ්‍යම රාත්‍රියටත් ආසන්න වුනු තැනයි ටේහ්‍යුන් නැවත නිවසට පැමිණ තිබුනෙ. එයා ආපු හැටියෙම සොයා ගියේ එයාගෙ ඔමේගාව. මොකද වැදගත් දෙයක් ජන්ග්කුක්ට කියන්න එයාට තිබුනා.

ඒත් කුටිය තුළට ගිය හැටියෙම එයාව දොර අසලම හිටිතැන නතර වුනේ ජන්ග්කුක්ව දැකලා.

ජන්ග්කුක් හිටියෙ ජනෙල් පඩිය මත වාඩි වෙලා. ඒත් ඒ දර්ශණය ටේහ්‍යුන්ගේ හදවත යම් තරමකට කලබල කලේ ඇයිද කියලා ටේහ්‍යුන්ට හිතාගන්න බෑ.

පිටතට යොමු වී තිබූ දෑස් ඉදිමී ඇති ආකාරයත්, ඒ දෑස් වල තිබූ සාංකාවත්, ඔමේගාගෙ පපුවට තුරුලුව නිදන් ඉන්න එයාගෙ දුවත් ටේහ්‍යුන්ට සැනෙන් මතක් කලේ අතීතය. එදා එයා කුටියට ආ විට හදවත් කීරි ගැස්සූවේ මේ දර්ශණයම නෙවෙයිද?

ටේහ්‍යුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

ඒත් එයා ඉක්මනින් හොඳ සිහියට ඇවිත් ඔමේගාට ළං වුනේ අදත් එයාලගෙ අතීතය සිහි වී ජන්ග්කුක් හඬා ඇති බව තේරුන නිසා.

"පැටියො?"

ටේහ්‍යුන්ගේ මෘදු ඇමතීමෙන් ජන්ග්කුක්ගේ මළානික දෙනෙත් එයාට යොමු වුනා. ඒත් ටේහ්‍යුන් අමාරුවෙන් වුනත් මුහුණට හිනාවක් නගා ගත්තා.

"එයාට නින්ද ගිහින්." ටේහ්‍යුන් හිමින් කිව්වමයි ජන්ග්කුක් එයාගෙ දුව දිහා බැලුවෙ.

"ඉන්න මං එයාව ගන්නම්."

ටේහි එක්ක නැගිටින්න හැදුව ජන්ග්කුක්ව නවතිමින් කිව්ව ටේහ්‍යුන් පැටියව ඇහැරෙන්නෙ නැති වෙන්න පරිස්සමින් ජන්ග්කුක්ගෙ තුරුලෙන් අරගෙන එයාලගෙ යහනෙන් තැබුවා.

ඊළඟට එයා ආයෙත් ඉක්මනින් ජනේලේ ගාවට ගිහින් නැගිටින්න හදන ඔමේගාවත් පරිස්සමින් ජනේලෙන් බැස්සුවා.

"පැටියා ලැබෙනකන් ආයෙත් ජනේල් පඩියට නගින්න ඔයාට තහනම්." ටේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක් ඉන්න අපහසුව දැකලා. කොතරම් වෙලා කල්පනා කරමින් ජනෙල් පඩිය උඩ එයාගෙ ඔමේගා ඒකාකාරව හිටියද කියලා එයාට හිතාගන්න බෑ.

ඒත් ජන්ග්කුක්ගේ දෑස් ආයෙත් ටේහ්‍යුන්ට යොමු වෙද්දි ටේහ්‍යුන් වේදනාවෙන් පිරුනු ඒ දෑස් දිහා බලා හිඳියා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now