Unexpected Beginning.

27 11 100
                                    

Continuing Beomgyu's pov.

අනේ මංදා අපෙ සූබින් හ්‍යුන්ට කොයි වෙලේ බලපන් එක එක විච්චූරන කෙල්ලොමයි කතා කරන්නෙ.

මේ යකා අර අසරණ පැළ ටිකත් එහෙම්ම දාලා අර කෝල් එකෙන් කතා කරපු නම්කියව හම්බෙන්න පාර පැත්තට ගියා.

පෙනේද මේකව නිවාස අඩස්සියට දාලා හ්‍යුන් එලියට ගිය ටිකට මූ කරන විසි විරිත්තන් වැඩ...

සැක්.මාට්ටු වෙන්නෑනෙ මේකා කවදාවත්.

ඌ ඔය යන්න ගියේ අර පාරෙ පේන්න තිබ්බ ඇක්සිඩන්ට් එකක පෙරනිමිති තිබ්බ තැනට.

මොකද කීවොත් අර කීවත් වගේ අර නම්කිගෙ කාර් එකේ ටයර් පන්ච් එකක් ගිහින් තිබ්බ නිසාලු එතන ඒ විදියට පෙරනිමිති පේන්න තිබුනෙ.

අපෙ එකාට එතනට යන්න ගියේ විනාඩි පහයි.මොකද කීවොත් ඔය පේනවයි කීව පාර තිබුනෙ අපෙ ෆ්ලැට් එක සිරස්ව පහළින් නෙවෙයි.ඒක තිබුනෙ අපේ ෆ්ලැට් එකෙන් තිරස්ව වංගු හතරක් පහක් එහයින්.හැබැයි ඉතින් අපේ ගෙවල්වලට යස අගේට මුලු ඒරියා එකම පේනවා.

Soobin : අහ්,මේක මාරුකරගන්න තිබුනනෙ?

මූ වැඩ්ඩා වගේ කාර් එකේ දකුණු පැත්තෙ ඉස්සරහ ටයර් එක දිහා බලන් එහෙම කීවෙ උගේ කාර් එක පැත්තක නවත්තලා දාලා.

අපෙ සූබින් හ්‍යුන්ට තිබුනෙ සුදු පාට කාර් එකක්.එතකොට ඔය නම්කිගෙ එක කලු පාටයි.මුං දෙන්නට තියෙන්නෙ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දර්ශන දෙකක් කියලා පේන්නම තියෙනෝ ඒක හින්දා.

?? : පාර බ්ලොක් වෙලා තියෙන්නෙ මං හින්දා ! ඉක්මනට මේක හදලා දෙන්නකො.

Soobin : ඇයි මං ගරාජ් කරායෙක් වගේ පේනවද ඔයාට?

මූ සමච්චල් කරන හින්දා ඒ කෙල්ලට ඩෝං ගියා.ඒ එරවිල්ල එරවිල්ලට අපෙ එකාගෙ මූණත් දෙල් වෙලා ගියා එවලෙ.

අන්තිමට මූ පඬිකම පැත්තකට දාලා වාහනෙන් බැහැලා ඇවිත් කෙල්ලගෙ කාර් එක පාරෙ මැද්දෙන් එහට ගත්තා.

ගත්තෙ නිකන් නෙවෙයි.ඕකට හරිහමන් විදියට සෝෆා එකක්වත් උස්සගන්න බැරි එකේ කාර් එකක් කොහොමද තල්ලු කරන්නද.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now