Gᵒᵒᵈ & Bᵃᵈ 🪧

367 70 75
                                    

Main House එක ගාවට ඇවිල්ල බැස්සත් හරි යූන්ගි ඒ දිහා බලන් උන්නෙ කනගාටුවෙන් වගේ. එයා ඉන්නෙ කොහොමත් අව්ලෙන් කියල දැනන් උන්න යූවොන් එයාගෙ අතක එල්ලිලා අත්බාහුවකට හිස හේත්තු කරගත්තා..

" මට මේ ගෙදර ඔයා එක්ක මතක ගොඩක් තියනවා... "

" ඔයාට පුලුවන්නෙ ආපහු මේක ගන්න.. "

" මේක මට දුන්නෙ ජියෙන්.. ඒ නිසා කොච්චර මතක තිබුනත් මට ආය ඒක එපා... "

" අපි Appartement එකට යමු යූන්ගි..
ටික දවසක් එහෙ ඉඳල එද්දි හැමදේම හරියයි... මොකද මට ඔයාව මුනගැහුන තැන තමා මං මේ ලෝකෙ ආසම තැන... "

" ම්ම්... "

" බොස්.. කව්න්සිල් මෙම්බර් කෙනෙක් බොස්ව මීට් වෙන්න ඇවිල්ල....
Main House එකට.. "

යූන්ගි ටිකක් කල්පනා කරල කෙල්ල ගාවට පාත් උනා.

" සුද්දී ඔයා Apartment එකට යන්න. මම මේ වැඩේ ඉවර කරල එන්නම්.. ම්ම් "

" මටත් ඔයා එක්ක එන්න බැරිද යූන්ගි "

" බෑ බබා.. ඔයාට ඒ තැන් එච්චර හොඳ නෑ.. මම පැයෙන් එනවා.. ම්.. "

" ම්ම් පරිස්සමට යූන්ගිව එක්ක එන්න ටේසු "

" හරි මෑම්.. "

යූන්ගිගෙ අතක එල්ලිලා උන්න කෙල්ලව කා එකට නග්ගන්න යූන්ගි දොර ඇරල දීලා එයාව කා එකට නග්ගල එතනින් පිටත් කරල යැව්වා.. ඒ එකරල යූන්ගි අනික් ගාර්ඩ්ල එක්ක එන්න ආවෙ Main house එකට. මොකද කව්න්සිල් එකෙන් ඇවිල්ල තිබුනෙ ජියෙන් වැරදි විදිහට උපයාගන තිබුන දේපල ඔව්න් සතු කරගන්න යූන්ගිගෙන් අවසර ගන්න..

.

එක එක දේවල් කල්පනා කර කර කා එකේ පස්සෙ ශීට් එකට වෙලා ශටර් එකෙන් පිටත බලාගන ආව යූවොන්ට එන්න එන්නම මූනට හුලඟ වදිනවත් එක්කම හුස්ම හිර වෙලා වගේ බඩ දඟලන්න ගන්නවා.. කෙල්ල ඉක්මනට ශටර් එක වහල AC on කරගන්නවා...

" ඇයි මෑම් ?? "

" න්.. නිකං ටිකක් හෙමීය යමුද ?? "

" ආහ්.. අපි 40 ට යන්නෙ මෑම්.. තව හිමීට ගියොත් පොලීසියෙන් අල්ලයි. "

" එ.. එහෙමද ?? මගෙ බඩ දඟලනවනෙ.. "

" ඉන්න මෑම් මම බේකරි එකකින් මොනා හරි ගන්නම්.. "

You've reached the end of published parts.

⏰ Last updated: May 14 ⏰

Add this story to your Library to get notified about new parts!

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG Where stories live. Discover now