7

281 47 18
                                    

comment goal - 15
(line comments)


______________________________



"අපි අද මාළු කටිලිස් හදමූ.."

අද උදේම අප්පච්චි මට ෆෝන් එක දුන්නානෙ. දුන්නෑ ඉතින් මං ඉල්ලගත්තා හෙට ඉස්කෝලෙ හින්දා මිස්ලා මාව කැදවලා පණිවිඩ එවන්නෙ මේකටයි කියලා. කවුරුත් එහෙම කැදවලා තිබ්බෙ නෑ. මම වගේ ලස්සන කොම්ලෙක්ට මැසේජ් එකක් දැම්මොත් හෙණ ගහයි හ්ම්

පණිවිඩ කෙසේ වෙතත් මම අහවල් නළයෙ අතරමං වෙලා දැන් පැය දෙකක් විතර. සර්පයෙක්ට කිරි කවන හැටි එකක් බලල තමා දැන් මේ විනාඩි දෙකෙන් කට්ලට් හදන එකක් බලන්නෙ. මට වැඩකුත්නෑ. අම්මට වැඩකුත් නෑ.. රටට, ලෝකෙට වැඩකුත් නෑ.. මොන ලබ්බක්ද මං කරන්නෙ.

"කෝ බලමුද රස... ශා... හරිම රසයි.. ඔයාලත් මේ ක්‍රමේට කටිලිස් හදලා මගෙ ෆේස්බුක් ෆෑන්පේජ් එකට එවන්න. මේ වටිනා කෑම වීඩියෝව මෙන්න මේ ක්‍රමේට ඔයාලගෙ යාළුවොත් එක්ක ශෙයා කරන්න.."

වීඩියෝ එකේ ගෑණි ඇදල පැදලා කියද්දි මගෙ කටත් ඇද වුනා ඒ තාලෙට. මම තව වීඩියෝ එකක් බලන්න උඩට පල්ලෙහට යද්දි ටහිකෙන තම්බ්නෙල් එකක් දැකලා මාව ගල් වුනා.මගෙ ඇස් පෙනීම හොඳයි නම් ඒ තිබ්බෙ කොල්ලො දෙන්නෙක් කට කන සීන් එකක්. කවද ඉදන්ද මේවා මෙහෙම එන්න ගත්තෙ ඈ. මම මෙහෙම එකක්වත් බලල නෑනෙ. අපේ අප්පොච්චා බැලුවද දන්නෑ.. හෑ.. නෑනෙ වෙන්න බෑ. එයාට ඉදිකටු තුඩක දැනීමක් නෑ මේ දූරකථනය ගැන. යකෝ ඇල්ගොරිතමේ මගෙ හිතත් ට්‍රැක් කරන්න පටන් අරන්ද..

බලන්දෝ නොබලන්දෝ කියලා සිතුනී මට...
ඔන්නොහෙ බලනවා එය ප්ලේ කළෙමි මම...

" පුංච්චප්පු!"
කිරි අප්පට බිංදු පැනපි කිව්වලු. මාව ගැස්සුන පාර ෆෝන් එක උඩ ගියා.

" මම හිතුවා පොතක් පතක් බලනව ඇතියි කියල. ඔය මගුල ඔබ ඔබ ඉන්නෙ හෙට ස්කෝලෙ යන්න ඕන ඒවා ලෑස්ති කරගන්නවා වැඩක් කරන්නෙ නැත්තම්. ගිහින් සපත්තු දෙක හෝදගනින් හොයලා. අප්පච්චි ආවම මම කියන්නම්කො කරන දේවල්.."

මම ෆෝන් එක අනික් පැත්ත හැරෙව්වා.

"අනේ අප්පා. ටිකක් ඉන්නකෝ.. මම නිදහසේ ඉද්දි ඔයාට හරි ඇම්ම නේ. මොකක් හරි වැඩක් කියනවා.. "

නාඹර (onhold)Donde viven las historias. Descúbrelo ahora