8

320 51 25
                                    

ඊට පස්සෙ සුද්දා මගේ කට කෑව බොලව්. මමත් කෑවා.

පිස්සුද. එහෙම එකක් වුනේ නෑ. ඒ වුනාට මම එහෙම එකක් වෙයි කියලමයි හිතුවෙ. වුනේ නෑනෙ.. මට දුකයි. මම ආසාවෙන් හිටියෙ අසම්මතේක රහ බලන්න.
රහ බැලිල්ල කෙසේ වෙතත් මගේ හදගැස්ම වැඩි වුන වැඩි විල්ලට මම හිතුවෙ අද උදේට මම නින්දෙන්ම මැරිලා තියෙයි කියල.
ඒත් මැරෙන්නවත් නින්ද ගියෙ නෑ යකෝ හරියට.
ඌ මගෙ මූණට එබි එබි ඉදල එකපාරටම කඩි කුලප්පුව හැදිච්ච එකෙක් වගේ දුවල ගියා කියහල්ලකො. මාව උඩ ගියා ඌ එහා කාමරේ දොර වහපු සද්දෙට.

ඌ නිදාගත්තෙත් නෑ කියල මට තේරුනේ සෑහෙන වෙලාවක් යනකම් ඒ කාමරේ ලයිට් නිවුනෙ නැති නිසා. ඌ එදා වගේම ඊයෙ රෑත් දොළහෙන් පස්සෙ එළියට ගියා මට ඇහුනා. මට යන්නත් හිතුනා. ඒ වුනාට මම ඔළුවෙ ඉදන් පොරවගත්තෙ වෙච්ච දේවල් හොඳටම ඇති කියල හිතලා.

" ආ මේක බීපන්.." අම්මා කාමරේට ඇවිල්ලා මට තේ එක දික් කලේ මම ටයි එක බැදගනිද්දි. මේ යුනිෆෝම් එක තව ටික දවසයි අදින්න වෙන්නෙ කියල මතක් වෙද්දි මගෙ පපුව හෝස් ගාලා යන්නෙ නෑ පට්ට සතුටක් දැනෙන්නෙ.

මම තේ එකත් බීලා ගේ මැද්දෙන් සුදු පුංචෙක් වගේ ඇවිදන් ගියා. යන ගමන් මම රබර් ඇහැ දැම්මා අර අරුම පුදුම කාමරේ දිහාවට. දොර වහලද කොහෙද...
නැගිටපන් පකෝ මම ස්කෝලෙ යන්න යන්නෙ. බලපන් මගේ ලස්සන..
චැහ් මුට පින නෑ පින. උදේ පාන්දර සිරිමත්ටත් වඩා ගුණ යහපත් මං වගේ සූකිරි කොල්ලෙක් දැකගත්තම කාටත් සුභයි.

ඉතින් මගේ ස්කෝලෙ ගමනත් සමාන් එක්කලා තමා. ඒ ගැම්මෙන්ම ඌ එක්කලාම හනිමූන් යන්නත් හිතයි. මොනවද මට මේ හිතෙන්නෙ.. මම මගෙ ඉස්සරහින් යන සමාන් කොලුවගෙ පැද්දෙන පුක දිහා බලන් ඔළුවට එන මල විකාර අයින් කරගන්න ඔලුව ගැසුවා දෙපැත්තට. සමාන් එතකොටම හැරිලා බැලුවා.

" මොකද පකෝ අර දේවාලෙ මායම් වෙන ගුරා වගේ නටන්නෙ ඔතන. බලපන් තොගෙ කොණ්ඩෙ.. උබලෑ අප්පච්චිගෙ කොහු මෝලෙ කොහුත් ලස්සනයි ඔයිට වඩා.."

මුගේ කට බලපල්ලාකො. මම ඉස්සරහට පැන පැන ගිහින් උගේ පුකට එකක් ගහලා කරෙන් අත දාගත්තා. ඒ පුප බම්ප් වුනා.. ම්ම්හ්

නාඹර (onhold)Where stories live. Discover now