58

615 168 104
                                    

මසකට පසු

"උතුමාණනි! ජියොන් අධිරජුගෙන් හදිසි පණිවිඩයක්."

එහෙම කියමින් ජේයොන්ගේ විවේක කුටියට ආපු සේවකයා ජේයොන්ට ලිපියක් දිගු කරහම එයා ඒක කලබලෙන් වගේම ඉක්මනින් උදුරගත්තා.

ඊළඟට එයා ඒක ඉක්මනින් දිගහැර කියවන්න ගත්තේ හිත කලබලෙන්. මොකද ජියොන් අධිරජු එයාට දෙයක් ගැන අනතුරු හඟවා තිබුනු බව එයාට මතකයි.

හිතුවා වගේම ලිපිය තුළ තිබුනේ මේ මාසය පුරා එයා සිදු වෙයි කියලා බලාපොරොත්තු වුනු දේමයි.

බුක්හන් වල එයාට තිබූ වෙළඳ අධිකාරිය අහෝසි කර දමලා.

ජේයොන් කේන්තියෙන් හුස්මක් පිටකලා. ඒත් ඊළඟට එකපිටම තව ලියුම් කිහිපයක් එයාට සේවකයා හදිසි පණිවිඩ ලෙස ගෙනත් දුන්නා.

පසුව ආ ඒ ලිපි සියල්ලෙහිම තිබුනේ ජේයොන්ගේ භාණ්ඩ නෞකා බුක්හන් වරායන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඇතුළු තවත් එයාගෙ කර්මාන්තශාලා වලින් බුක්හන් අධිරාජ්‍ය පුරා බෙදා හැරීමට නියමිතව තිබූ වෙළඳ භාණ්ඩ තොග අවලංගු වී ඇති බව.

ජේයොන්ගේ අත් තදින් මිට මෙළවී තිබුනා.

"ආආ!!"

ජේයොන් කේන්තියෙන් කෑගහලා ඊළඟට ක්ෂණිකයෙන් නැගී සිට කුටියෙන් පිටව ගියා.

මේ අතරේ විවේක කුටියට යාබදව පිහිටි රහස් කුටිය තුළ ජින්යොන් මහ හයියෙන් හිනාවුනේ ජේයොන්ගේ කෑගැසීම ඇහිලා.

"වැරදි කරපු උන්ට දඬුවම් හම්බවෙනවා!"

කියපු ජින්යොන් ආයෙත් හයියෙන් හිනාවුනේ ඇඳ ගාව බිම ඉඳගෙන.

"ටිකක් සද්දෙ අඩුකරගන්නවද?"

ඒ කුටිය තුළ ජින්යොන් හිටියෙ තනියම නෙමෙයි. දොරට කනතබා ගෙන පිටත ඇසුනු හඬවලට කන්දීගෙන හිටියෙ හෝසොක්.

ජින්යොන් රවමින් මේ වැම්පයර් දිහා බලා හිඳියා.

"රාජද්‍රෝහියා, උබ සේරම විනාශ කලා, මාවත් එක්කම!"

ඊළඟට ජින්යොන් කියලා හෝසොක් ගාවට පනින්න හැදුවත් හෝසොක් එයාගෙ බලයෙන් ක්ෂණිකයෙන් ජින්යොන්ගේ ගෙල අත්වලින් හිර කර ඇස් වලින් බන්ධනය කරා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now