59

602 146 96
                                    

මේ රාත්‍රී දහයේ හෝරාව. අධිරජු නිකේතනයෙන් පිටවී හෝරා තුනක් පමණ ගෙවී ගිහින්.

ඒත් නිකේතනය තුළ තිබුනේ මදක් කලබලකාරී ස්වභාවයක්.

"ඉක්මනින් මෙහෙන් එන්න."

නිකේතනයේ නිවාස වල සිටි ගැහැණුන් සහ කුඩා ළමුන්ව එක් ඉසව්වකට මෙහෙයවමින් ජන්ග්කුක් කිව්වා.

"ඉක්මනින් ප්‍රධාන ශාලාවට රැස් වෙන්න, පැටව් සේරම ඉන්නවද බලන්න."

කලබලෙන් ඉක්මනින් එක් දිශාවකට ගමන් කරන පිරිස අමතමින් ජන්ග්කුක් කිව්වා. එක් අතකින් ලන්තෑරුමකුත් අනිත් අතින් රිදුම් දෙන කොන්දත් අල්ලගෙන එයා හැමෝම යන දිහා පරික්ෂාවෙන් බලා හිඳියා.

"ගුකී,"

ඊළඟට එතනට මින්ජි ආවේ සිහින්ව හඬන ටේහිවත් වඩාගෙන. එයාලා එක්ක ජිමින් ආරක්ෂකතුමත් ආවා.

"මොමා~"

එයාගෙ ඔම්මව දැක්ක හැටියෙ හැඬීම උත්සන්න වුනු ටේහි මොමාගෙ අත්මතට වාරු වුනා. ජන්ග්කුක් කනස්සල්ලෙන් එයාගෙ දෝණිව වඩාගත්තේ ලන්තෑරුම බිමින් තියමින්.

"ශ්ශ්.. මැණික සේරම හරි."

ජන්ග්කුක් කිව්වේ ටේහිව නළවමින්. අද දින පවතින වාතාවරණයේ වෙනස ටේහිට දැනී තිබුනා වගේම මොමා ඉන්නෙත් කුමක් හෝ අපහසුවකින් බව ටේහිට වැටහිලා. ඒ කිසිම දෙයක් හිතාගන්න බැරි වුනු පුංචි කෙල්ල කලේ මොමාගෙ ගෙල බදාගෙන සිහින්ව කෙඳිරිගාමින් හඬපු එක.

"ජිමින්, සේරම පිරිස් ශාලාවට යනවද කියලා පරික්ෂා කරන්න." ජන්ග්කුක් කිව්වම ජිමින් හිස වනා පිටත් වුනා.

ඊළඟට ජන්ග්කුක් ටේහිවත් වඩාගෙන අමාරුවෙන් ගෑටුවේ ප්‍රධාන ශාලාව තියෙන ඉසව්වට.

"ගුකී, මොකද්ද සිද්ද වෙන්නෙ? ඇයි මේ හැමෝවම එහෙට යවන්නෙ?" මින්ජි ඇහුවත් ජන්ග්කුක් හිටියේ පිළිතුරු දෙන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි.

"අ-අහ්-"

ජන්ග්කුක් වේදනාවෙන් ටේහි එක්කම කුස අල්ලගෙන පාත් වෙද්දි මින්ජි හොඳටම බය වුනා. එයා ඉක්මනින් ටේහිව බිමට බැස්සුවා වගේම ජන්ග්කුක්ගේ බාහුවෙන් තදින් අල්ලගත්තා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now