60

899 160 298
                                    

"ආර්හ්!!"

විශාල ශබ්දයක් සමඟ ප්‍රධාන ශාලාවේ ද්වාරය විවරව එළියට විසි වුනේ ජේයොන්.

එයා වේදනාවෙන් බිම ඇඹරුනා වගේම රුධිරය වැගිරෙන මුහුණින් යුතුව ප්‍රධාන ශාලාවේ පියගැටපෙළ මත ගාම්භීරව අඩිය තියමින් පඩි බහින අධිරජු දිහා බලන් කේන්තියෙන් දත් මිටි කෑවා.

"ආආආ!!"

ඒත් ජේයොන් සැලුනෙ නෑ, ධෛර්යය ගෙන කෑගහමින් බිම තිබූ කඩුව අහුල ගෙන නැගිට්ට ජේයොන් ඊළඟට අධිරජුට කඩුව අමෝරාගෙන පහර දෙන්න පටන් ගත්තා.

ඒත් මේ සාමාන්‍ය ඇල්ෆා වෘකයා කොහොමද පවිත්‍ර රුධිර ඇල්ෆාවෙක් එක්ක හැපෙන්නෙ?

තවත් විනාඩි කිහිපයක්ම අධිරජු එක්ක ජේයොන් හැප්පුනා. ටේහ්‍යුන්ට නම් මේක සෙල්ලමක්, එයා ඕනකමින්ම සටන දිග අදිමින් ජේයොන්ව වෙහෙසට පත් කරා.

සටන් කරන මොහොතෙ එයාගෙ මුහුණෙ ඇඳී තිබූ ජයග්‍රාහී හිනාව කොයිවෙලෙත් නැති වුනේ නෑ.

හැබැයි එක් මොහොතක හැර.

ටේහ්‍යුන්ගේ මුහුණ ක්ෂණිකයෙන් වෙනස් වුනේ එයාට එකවරම දෙයක් දැනුන නිසා. මේට් බැඳීම හරහා ටේහ්‍යුන්ට දැනුනා එයාගෙ ඔමේගා වේදනාවෙන් ඉන්න බවත්, එයා තදින්ම ළඟ හිඳීම අපේක්ෂා කරන බවත්.

තමන්ගෙ මේට් තමන්ගෙ රුධිරය දරන පැටවෙකුව බිහිකරන මොහොතේ ඇල්ෆාවන්ට එය තදින්ම දැනෙනවා, විශේෂයෙන් ඔමේගා එවෙලෙ විඳින වේදනාව, ඔමේගා ඉල්ලන සැනසීම.

ටේහ්‍යුන්ගේ දෑස් වල කඳුළු පිරුණා.

ඒත් අවධානෙන් මිදී හිඳපු නිසා ඊළඟට එයාව වේදනාවට පත් කරමින් ජේයොන්ගේ අසිපත් පහරකින් ටේහ්‍යුන්ගේ බාහුව සීරිලා ගියා.

"ආආ!"

"අධිරජුනි!"

ජේයොන්ගේ රුධිරය වැගිරෙන මුහුණෙ කපටි හිනාවක් ඇඳුනා.

"සේරම!! පහර දෙනු!"

ජේයොන්ගේ අණින් සියලුම වැම්පයර් සේනාව ඊළඟට සටන් කරමින් හිටි සෙබළුන් අතහැර අධිරජුව ඉලක්ක කරහම යොන්ජුන්, නම්ජුන් වගේම ජේහියුක්ගේ අසිපත් කොපු වලින් එළියට ඇදුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Onde histórias criam vida. Descubra agora