- 74 -

166 32 14
                                    

WARNING: Triggering subjects



හින්සනය, ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය වටා ගොඩනැංවුනු සිදුවීම් ඇතුලත්‍ වේ.




°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°











     " උබත් මට ද්‍රෝහි වුණා එහෙනං.. ! " 






වෙව්ලන අත්ල මත වූ කිනිස්සක තුඩ මළසිරුරෙහි මුහුන විසි එක් වෙනි වතාවට පසාරු කළේය. නිරුවත් කරන ලඳ මලකඳ අවසන් ගෞරව පිණිස කුලී හේවායන් ලවා දූෂණයට ලක් කරවූ ටොශිරෝ මිසුශිමා ඔහු පනපිටින් අල්ලාගත නොහැකි වීම ගැන තමා ගැනම පසු වූයේ කෝපයෙනි.




    

                කිසිවෙකුටත් වඩා වරුන් මත ඔහු විශ්වාසය තැබුවේ ය. නමුත් ඔහු පවා වශීකෘත වන්නට ඉඩ ඇති සුන්දරත්වයක් ඔහු මිහිමත මවා ඇති බව අමතක කිරීම ඔහු අතින් සිදුවූ එකම සහ බරපතළම අත්වැරැද්ද ව තිබුණේය.









                          " කොහෙද උබ අද දවසම රස්තියාදු ගැහුවෙ?! " දහතුන් හැවිරිදි ජපන් කොලුවාගේ සවනත ගැටුණේ අට පසු වී මිනිත්තු තිහකට පසු නිවසට ගොඩ වූ ලාබාල සොහොයුරියට පියාගෙන් එල්ල වූ පිගන් පහර යි.


     මදක් කෙදිරි ගෑ ඇය කිසිත් කී බවක් නෑසුණි.



    
                   ටොශිරෝ සිය මෙට්ටයට යට කළ ලිපිගොනුව පිටතට ඇද්දේය.  සිය දිනපොත පිටතට ඇද පුස්තකාලයෙන් බැහැර ගෙනා පොතෙන් තමාට අදාල කරුණු එහි සටහන් තැබුවේය.








       අප්‍රිකානු සහ ඉන්දියානු ආයුර්වේද වෙදකමෙහි භාවිත කරන ඖෂධීය පැලෑටියක් වන 'අශ්වගන්ධ ' මදසරුභාවය සඳහා ප්‍රතිකර්ම ලෙස යොදාගනු ලැබේ. එසේම මෙම ඖෂධය සතුව ආතතිය , මැලිබව  දුරලා ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමේ පූර්ණ ශරීර සුවතාවය ඇති කිරීමේ විස්මිත බලයක් ඇත්තේය.



           අශ්වගන්ධ (Withania somnifera) ඉන්දියානුවන් හා අප්‍රිකානු ප්‍රදේශයන් හි අති ජනප්‍රියත්වයක් උසුලන්නේ එහෙයිනි. ඉන්දියන් ජින්සෙන් හා ශීත චෙරි ලෙස ද හදුන්වනු ලැබුව ද 'අශ්වගන්ධ' ශාකයට මෙම සුවිශේෂී නාමය පටබැඳී ඇත්තේ එයින් ' අශ්වයෙකුගේ ගතින් වහනය වන භෞමික.. පස්වල නැවුම් සුවදට සමාන ගන්ධයක් වහනය වන බැවිනි.


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Opowieści tętniące życiem. Odkryj je teraz