9

314 44 21
                                    

"නේජාන්!"

මම ගැස්සිලා ඇහැරුනේ මොකක් හරි එකකින් මගේ ඔලුව සලිත වෙලා යද්දි. කුණු කෙළත් අතින් පිහදගෙන වටපිට බලද්දියි මට තේරුනේ මට පන්තියෙ මැද්දෙ නින්ද ගිහින් කියල. කෙමිස්ට්‍රි මිස් මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා දැකලා මිස් මට ගහපු පැත්තක වැටිලා තිබුන හුණු කොට්ටෙත් ඉස්සරහ ළමයට දීලා මම අහින්සකයෙක් වගේ හිනාවුනා. වගේ නෙමේ බොලව් මම අහින්සකයි තමයි.

මිස් ඊට පස්සෙත් චාලක රසානයනයක් ගැන කියෝ කියෝ හිටියෙ මගෙ දිහා බලල සැරෙන් සැරේ ඔරවන ගමන්. මේ ඔක්කොටම මුල අර ගේ කිරුළු ඇලි හූනා. ඌ මහ රෑ ඇවිල්ලා මා එක්කලා හැමිනෙන්න හැදුවෙ නැත්තම් මම සැපට නිදාගන්නවනෙ ඊයෙ. ඌ හැමිනුනෙත් නෑ, මට නිදාගන්න දුන්නෙත් නෑ. එකක්වත් හරියට වුන්නෑ රෙද්ද! හරියට නිදාගන්න හම්බවුනේ නැති නිසානෙ මට මේ පන්තියෙ මැද්දෙ නින්ද යන්නෙ. කොහොමත් ඉතින් කෙමිස්ට්‍රියි නින්දයි අතරෙ තියෙන්නෙම මාර කෙමිස්ට්‍රියක්නෙ..

මම කම්මුලට අතත් හේත්තු කරන් කම්මැලිකමේ සමාන් දිහා බැලුවා. ඌ රතට රතේ ඉදුණු පිනි ජම්බුවක් එකපාරම කටේ ඔබාගන්නව දැකලා මගෙ කටත් ඇරුනා. මම උගේ පිටට ගැහුවා ආයෙ ගිලපු ජම්බු ගෙඩිය මේසෙ උඩ හිටින්නම. ඌ භාගෙට හපපු ජම්බු ගෙඩිය විකෘති වෙලා කෙල තලියක් එක්කලා මේසෙ උඩ තිබුණා.

" තෝ නම් මහ පරදේසක්කාර බල්ලෙක්. මට නොදී ජම්බු කන්න. ඉදා තොට" මම ආයෙ අර ජම්බුව උගේ කටට ඔබන්න හදද්දි ඌ මගේ අතින් අල්ලන් කට එහෙක් කරගෙන කෑගහගන්න ගත්තා.

" අනේ නිකම් හිටපන්කො. බල්ලො! ඕක නම් කරන්නෙපා රන්දි"

"ඇයි ඇයි ඇයි. මේකෙ තියෙන්නෙ උඹේම කෙළනෙ. ගිලපිය මේක ගිලපිය.."

සමාන් මගේ කකුල පාගන වෙලේ මම උගේ කකුලක් මගෙ කකුල් දෙක අස්සෙ හිරකරගත්තා.

" මොන මගුලක්ද ඕයි!"  මිස් කන ළඟ කෑගහලා වේවැලෙන් මේසෙට ගැහැව්ව හින්දා මම ගැස්සුන පාර ජම්බු ගෙඩිය සමාන්ගෙ කටේම හිටියා.
මට මිස්ව පෙනුනෙ අපේ අම්මට තරහ ගියම පේන විදිහටමයි. නෑ නෑ අපේ අම්මා එක. මිස් තමා දෙක..

" මම මෙතන ගිරිය කඩාගෙන උගන්නන්නෙ තමුසෙලට දෙන්නට මෙහෙම පිස්සු කෙලින්නද? විභහගෙ අත ළඟ තියාගෙන මොනවද මේ කරන්නෙ? මම බලන බලන සැරේට තමුසෙලා දෙන්නා ඇලිලා ඉන්නෙ. "
මිස් ඒක කිව්වෙත් ගිරිය කඩාගෙන කෑගහලා. ඇයි යකෝ ඉතින් මම කිව්වද මිස්ට කෑගගහ උගන්නන කියල. එයා මගෙ ඇගට ගොඩවෙන්නෙ රෙද්ද. සමාන් මිස්ගෙ බැල්මට ආයෙම ජම්බු ගෙඩිය ගිල්ලෙ මිස් මුන්ගේ අම්මව පෞද්ගලිකව අදුරන නිසා කේලම් කියාවි කියල හිතුන බයට වෙන්නෝනා. ගිය වතාවෙත් සරත් සර්ගෙ ඔළුව පැලුන එකට අහු වුනෙත් මේ කොහෙවත් ඉදන් සර්ගෙ තට්ටෙට තරගෙට ඉලක්කෙට ගල් ගගහ හිටපු අපි දෙන්නවනෙ.

නාඹර (onhold)Where stories live. Discover now