10

423 51 29
                                    

මට දෙපාරක් කියන්න ඕන වුනේ නෑ ඌ ඇදුම් ගලවන්න පටන් ගත්තා. හැබැයි මම යුනිෆෝම් එක ඔක්කොම ගලවලා ඉවර වෙනකනුත් ඌ ගැලෙව්වෙ ශර්ට් එක විතරයි.

හරි!

ඒක තමා මම මගේ ජීවිත කාලෙටම දැක්ක ලස්සනම ඇඟ. ලාවට පේන පැක් හයක් ඒ බඩේ ඇදිලා තිබුණාට පිටට ඇලිලා වගේ පේන හීන්දෑරි ඇගේ හැඩ පරිස්සමට නෙලපු ප්‍රතිමාවක් වගේ. ඒ කිරිගරුඬ පාට හමේ තැනින් තැන කළු පාටින් ලප තිබුණා. ඔක්කොටම හපන් අර පපුවෙ දෙපැත්තෙ ගැට දෙක රෝස පාටට සායම් කරලා වගේ. ඒ නිරුවත බලන එක මට නවත්තන්න බෑ. මට මගේ ඇහිබෝල ගැස්සි ගැස්සිම එහෙ මෙහෙ යන විදිහ පවා දැනෙනවා. මම නැවතුනේ ඒ හීනි ඉන ළඟින්. උගේ පළල් උරහිස්වලට සාපේක්ෂව ගත්තම ඒ ඉන මගෙ අත් දෙකෙන්ම මිටි කරලා අල්ලගන්න පුළුවන් තරමට හීනියි. ඒ ඉනේ කලිසම් දාරෙ අස්සෙන් මෙරුන් පාටට යට ඇදුමෙ දාරෙත් පේනවා. පල්ලෙහට යද්දි උකුල වෙනකම් ඇදෙන වී ශේප් එක බේරිලා පේනවා.

"ආසයිද?"

ඒ ඉනෙන් පල්ලෙහා ඇස් නතර කරන් හිටපු මම ගැස්සුනේ උගේ කටහඬින්. ඒ මූණෙ තිබ්බෙ සමච්චලයකුත් නොවන සතුටකුත් නොවන හිනාවක්. මම උත්තරයක් හිතාගන්න බැරුව බලන් ඉද්දි ඌ තොල හපාගත්ත තාලෙට මගේ බඩේ මාළු පියෑඹුවා. සමාන් කිව්වා හරි මේක නිකම් මම ආස පලතුරකින් අච්චාරුවක් හදලා කන්නෙ නැතුව බලාගෙන කෙළ ගිලිනවා වගේ.

මම තවම හිටියෙ සුදු දිග කලිසම ඉස්සරහින් තියන් මගෙ චුට්ටන් ජොකාව වහගෙන. ඌ බලා ඉන්න තාලෙට මට ඒක අයින් කරන්න හිතුන්නෑ. ඌ මගේ ළඟට හිමින් ඇවිදන් එද්දිත් මම ගල්වෙලා වගේ හිටියා.

" මොකද උඹ ළඟට එන්නෙ ?" මම පස්සෙන් පස්සට ගිහිල්ලා කුස්සියේ බිත්තියට පිට හේත්තු කරගත්තෙ ඌ මගෙ උරහිස් දෙපැත්තෙන් අත් තියාගෙන මට ළං වෙනකොට. ඒ ඇස්වල බැල්ම මට දරාගන්න අමාරුයි. මම එක අතකින් කලිසමේ කොනක් මිරිකගෙනම අනික් අතින් උගේ පපුවට අත තියල තල්ලු කරන්න හැදුවට පගයා හෙල්ලුනෙවත් නෑ.

"කියන්න. ඔයා ආස නැද්ද? උඹ මගෙ දිහා බලන් හිටියෙ ආස හිතෙන නිසා නෙමේද?"

මොකක්ද ඕයි මේ භාශාව. ඔයා කියල උඹ කියද්දි ඒකෙ තියෙන්නෙ වෙනම ගතියක් කියහන්කො. විශේෂයෙන්ම අර ඉංග්‍රීසි හුරුවට.

You've reached the end of published parts.

⏰ Last updated: May 26 ⏰

Add this story to your Library to get notified about new parts!

නාඹර (onhold)Where stories live. Discover now