61

790 163 201
                                    

අද, හැම රටවැසියෙක්ම බලා හිඳපු ඒ දවස. වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඔවුන් සිදු කල කන්නලව් සැබෑ වන දවස. හැම වෘකයෙකුම, වැම්පයර්වරයෙකුම, සැඟවී සිටි දෙමුහුම් ජීවින් සහ ඔවුන්ගේ අහිංසක දෙමව්පියෙකුම, සාමාන්‍ය මිනිසුන්ද ආසාවෙන් බලා සිටි බලාපොරොත්තුවේ දවස, අද.

එයාලගෙ ආදරණීය අධිරජු, හන්ගුක් අධිරාජ්‍යයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම අධිරජු, අධිරාජ්‍ය තුල සාමය ස්ථාපිත කල එයාලගෙ කරුණාවන්ත නමුත් ගාම්භීර ප්‍රතාපවත් අධිරජු, හත්වන කිම් අධිරජු තමන්ගෙ දරු පවුල සමඟ මාළිගයට සැපත්වන දිනය අද.

අද මුළු අධිරාජ්‍යයම ආලෝකමත් කරමින් පෑයු හිරු තමන්ගෙ කාන්තිමත් හිරු කිරණින් අධිරාජ්‍යම නැහැවූයේ හන්ගුක් අධිරාජ්‍යට ආශිර්වාද කරන්න වගේ. පරිසරය පවා අද කුල්මත්ව මේ ආදරණීය පවුල තමන්ගෙ නිවහනට යන දිනයේ සුබ පැතුම් එක් කරලා.

ජන්ග්කුක් බලා හිඳියෙ එයාලා ඉදිරිපිට ඇති සුවිසල් මාළිගා භූමිය සිසාරා දෑස් යවන එයාගෙ ඇල්ෆාගෙ දෑස් වල තිබූ සන්සුන් බව, තෘප්තිය දිහා.

ජන්ග්කුක්ගේ මුහුණෙත් ලා හිනාවක් ඇඳුනා. පුංචි චකිතයකින් වුවත් එයත් ප්‍රධාන ද්වාරය අසල නැවතී මුළු මාළිගය දිහාම බලා හිඳියා.

සිහි වුනු අතීතය නිසා ජන්ග්කුක් එයාගෙ අත සමඟ පැටලී තිබූ ඇල්ෆාගෙ අත තවත් තද කරගත්තා.

එදත්, ඇල්ෆාගෙ අතේ එල්ලී කිසිඳු බරපතළකමක් නොදැන, මේ කුරිරු මාළිගයට එයාගෙ ඇල්ෆාව පමණක් විශ්වාස කර ඇතුළු වුනා. දුක් කම්කටොළු රාශියකට මුහුණ දීලා ඇල්ෆාත් එක්කම නික්මිලා ගියා. ඒත් අද,

එයා අදත් ඒ දේම කරනවා. හැබැයි කුරිරු මාළිගයකට නෙමෙයි, සාමය පිරුණු, ජීවත් වෙන්න සුදුසු මාළිගයකටයි අද ඇතුළු වෙන්නෙ. හැබැයි ඇල්ෆා සමඟ විතරක් නෙමෙයි, තවත් දරු පැටව් දෙන්නෙක් එක්කම. ඒ වගේම මුහුණ දුන් දුක් කම්කටොළු වල මතකයන් පිරුණු මාළිගයේ එයාලා සදාකල් එකට, සතුටින් ජීවත් වෙන්නයි යන්නෙ.

එයා එයාගෙ අතේ ඉන්න මසක් වයස එයාගෙ පුංචි පුතු දිහා බලා මදහසක් නැගුවා. චූටි පැටියා නම් ඔම්මගෙ උනුහුමේ ඇතිරිල්ල අස්සෙ ගුලි වී හොඳටම නිදි. ටේහිත් අද ලස්සන පුංචි ගවුම් පොඩිත්තකුත් ඇඳගෙන අප්පාගෙ අතේ එල්ලිලා එයාලව පිළිගන්න ඉදිරියේ ඉන්න විශාල පිරිස දිහා ලැජ්ජාව මුසු චකිතයකින් බලා හිඳියා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now