.......
කම්පැනි එකේ මූලිකම දේවල් ටික මම ආශිට කියල දුන්නා... අපි මොන වගේ තැන් එක්කද බිස්නස් එක කරන්නේ... මාර්කට් කරන්නෙ කොහොමද... සේල්ස් කරන්නෙ කොහොමද.... ෆැක්ටරි එකට රෙදි යවන්නෙ.. ඩිසයින් කරන්නෙ... ඒ වගේ මූලික දේවල් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මම කියල දුන්නා... හරි නම් මම නෙවේ මේව කියල දෙන්න ඕනෙ මැඩම්... නැත්ත ඩිල්ශාන් අයිය වත්... මට කියල දෙන්න තේරෙන්නෙත් නැතිකොට මම මට තේරෙන විදියට පොඩි එකාට කියල දුන්නා..... මට හිතෙන්නෙ නෑ තේරුණ බවක්නම්...
" තේරුන් නෑ නේද... මැඩම්ගෙන් අහන්නකො ගෙදර ඉන්න වෙලාවට රණ්ඩු කරන් නැතුව....."
" ලස්සනයි...."
ආශි උන්නේ නිකටට අත් දෙකම තියාගෙන වැලමිට මේසේ උඩට තියාගෙන මගෙ දිහාම බලාගෙන වෙද්දි ඒ මූණෙ හැගීම් තේරුම් ගන්න මටත් බැරි උනායින් මම ගොනා වගේ එහෙම කියල හැදුවෙ අවදානෙ වෙනස් කරන්න උනත් ඇස් පිය නොගහ මගෙ දිහා බලාගෙන හිටිය ඉරියව්ව වෙනස් නොකරම ආශී එක පිට එක ඇස්පිල්ලම් ගහල ලස්සනයි කිව්ව...
" මොනාද....."
"............. "
"ආ... මොනාද ලස්සන....."
යකෝ එක්කො මගෙ කටහඩ පිට වෙන් නෑ නැත්තන් මුට කන් ඇහෙන්නෙ නෑ....මට ලැජ්ජාවක් වගේ එකකුත් එනව මේ බලන් ඉන්න විදියට...... ඇටයා......
" ආව්......ච්..... ඒයි... මෝඩයා හැලි වදුරා.... බූරුවා...."
වටපිට බැලුව මම මහපට ඇගිල්ලයි මැද ඇගිල්ලයි එකට කරල ටොස් ගාලා පාරක් නලලට ගැහුවම ඔන්න යථා තත්වෙට පත් වුණා.....
" කෑ ගහන්නෙපා මේක ඔෆිස් එක ගෙදර නෙවේ..."
"මට කොහෙත් එකයි...."
රිදුණද කොහෙද..... නලල අත ගගාම ගස්සගෙන ආශි යන්න යද්දි මට හිනාව නවත්තගන්න බැරි උනා.... ආයෙම.හැරිල මම හැදුවෙ මගෙ වැඩේ කර ගන්න වුණත් ඇස් ලොකු කරන් බලන් හිටිය ජයා එහෙමම අනිත් පැත්ත හැරුණා.... මම හිතන්නෙ ජයා ෆිල්ම් එක දැකලා... කමක් නෑ ඌ ෆිල්ම් එකට කලින් රියසල් දැකල තිබ්බනෙ.. ඒත් මේකෙ ඉන්න චීත්තයක් දැක්කෙ නැති එකට මම දෙවියන්ට පින් දුන්න...
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........