"අනේ පුතේ අපේ කොල්ලා හරි දගයි...අනේ මයේ පුතේ මගේ කොල්ලාව උබේ කොල්ලා වගේ ම බලා ගනින්..අම්මායි තාත්තායි නැති අසරණයා..
"සුදු නැන්දේ..මේ පොඩි එකා මට මගේ කොල්ලා වගේ ම තමයි ...බය වෙන්න එපා..
"සනා....
"උබ මට සනා කියන්න උබ මගේ තාත්තා ද කියපන්
"හරි අනේ...මම මාමා කියන්න ආස නෑ.අපි ඉක්මනට යමුකෝ..කයෙශ් බලන් ඇති නේ...
"නෑ නෑ ඌ බලා ගෙන නෑ...අනික කයේශ් එන්නෑ..මම මේ උබ එක්කන් යන්නේ කිඹුලෙක්ට කන්න දෙන්න..
"අනේ මේ සනා.පල බන් යන්න..පව් කියලා හොදින් කතා කරාම මගුලක් කියනවා...මේ මාමේ මට කයේශ්ව බදිනකන් මැරෙන්න බෑ හරි ද?
විහිලුවට කොල්ලාව ඇවිස්සුවාට මොකද ඌ මට සනා කියන හැම වේලේ ම මට මගේ පවනාව මතක් වෙනවා..මොකක්ද හේතුවක් නිසා කයේශ්ටත් නැති උනන්දුවක් මට මේ පොඩි කොල්ලාව බලන්න තිබ්බා.පොඩි දේටත් පුපුරන මගේ පවනා වගේ ම මේ බට්ටාත් පුපුරනවා..ඌ වගේ ම කට වැඩත් නෑ..
මේ සනා..මොනවා ද කරන්නේ අපි යමුකෝ...
"මේ කොල්ලෝ කලා ද ඉන්නේ...
"නෑ ...මම තාම කලා නෑ...
"ඇරපු අතක් නෑ උබ නම් ඌම තමයි කොල්ලෝ..ගෙදර ගියා ම කමු...හා ද?
"ආ සුදු මම ආවා...
"ඉතින් යනවා කෝ...
"මම කිව්වා නේ රණඩු වෙන්න බෑ කියලා.මැණික පවන් එක්ක ගිහින් කෑම කන්න.තාත්තී ඊට පස්සේ ඔයාලාව එක්කන් යන්නම්..කො දැන් යන්න..මගේ මැණික..
අනේ මන්ද මම මගේ කොල්ලාව හුරතල් කරද්දී හැම වේලේ ම කියවන කොල්ලා අඩන්න වගේ මගේ මූණ බලනවා.අම්මායි තාත්තායි නැති නිසා කොල්ලාට දුක හිතෙන්න ඇති..
"පවන් මැණික ඔයාත් කෑම කන්න..හරිද..මාමා ඉක්මනට රෙඩි වෙලා එන්නම්..
මම ඒ කියද්දී අඩන්න මූණ හදන් හිටපු කොල්ලාගේ මූණේ මොකක්ද සතුටක් දැක්ක නිසා මගේ හිතටත් ආවේ ලොකු සතුටක්..එත් මට ඇහුන දේත් එක්ක ඇතුලට යන එක නවත්තලා මම එහෙම මම බැලුවේ ඒ දිහා..