BTS World

227 22 87
                                    

යානය හිමින් අගහරු පොළවට පාත් වුනා.....හැමෝම බලාගෙන හිටියේ පුදුමයෙන්.....ඊලග මොහොතේ සිදු වෙන්න යන්නේ මොකක්ද කියලා කාගෙවත් හිතේ අදහසක් තිබුනේ නැහැ....

"මම මේ හීනයක්ද දකින්නෙ?"

අනිත් අයව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් නෙත්මි පලවෙනි වතාවට සිංහලෙන් කතා කලා.....

BTS ගැන පුදුමෙත් පැත්තක තියලා විමූ බැලුවේ නෙත්මි දිහා....

"අම්මේ ...නෙත්මි අක්කා සින්හලෙන් කතා කලා නේද?"

අම්මෙ කියන වචනේ ඇහුන ගමන් නෙකෝ බැලුවේ විමු දිහා..

"ඇයි ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ..ආහ් ඒක නෙමෙයි කෝ අපේ හෙයියූ?'

නෙකෝ ඇහුවේ සටන වෙලාවෙවත් පේන්න හිටියේ නැති හෙයියූ ව මතක් වෙලා......

"අඩේ ඇත්තට කෝ මයි දෝත?"

කිටී ඇහුවේ වටපිට බලන ගමන්...එතකොටයි එයාට තේරුනේ අබී ත් එතන නෑ කියලා .....

BTS යානය ගොඩ බහිනකන් අනිත් අය හෙයියූ වත් අබී වත් හොයන්න ගත්තා..අන්තිමේදි එයාලව හොයා ගත්තේ ග්‍රැනී මවපු පොල් ගහක් අස්සේ ඉදලා....

"මේ ඉන්නේ අබී අක්කා....හෙයියූ ත් ඉන්නවා"

නික්සා දුවගෙන ගිහින් අනිත් අයව දැනුවත් කලා..

"අඩේ අබී ඇන්ඩ් මයි දෝත බීලා නේ...හරි නේ හරි නේ ඉතින්...ගුරුන්නාන්සේටත් වෙන බල නැතුව දුන්නනේ මේකට සෝජු බලයක්...මූ සටන පැත්තක තියලා සෝජු බි බී ඉන්න ඇති ....අනේ අම්මපා මෙහෙමත් දුවෙක්" 

කිටී කිවුවේ ඔලුවට අත ගහගෙන..

ඒත් එක්කම මෙච්චර වෙලාවක් වැනී වැනී හිටපු අබී කෑ ගහන්න ගත්තා....

"ඒකනේ පැචාකුට්ටෝ මන් කිවුවේ..මට සෝජු බැරි නම් රා ටිකක් දෙන්න කියලා ගැනී ගේ පොල් වලින්.."

"මයි එම්පරරස් ඉස්මයිල් බෝතලේ..මන් ඔයාට සෝජු දුන්නා..දැන් ඔයා මගේ එම්පරරස් ඉස්මයිල් සුදාම්මි බෝතලේ..ගොට් ඉට්?"

හෙයියූ කියාගෙන ගියේ හොදටම වැනෙන ගමන්...

"බලන්න නයනී...මේ සුදාම්මිගේ වැඩ..හතුරොන්ට ගහන්න දුන්න බලෙන්..අපේ එවුන්ටම දීලානේ"

You've reached the end of published parts.

⏰ Last updated: Nov 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

TK's In MarsWhere stories live. Discover now