⭐ Hope⭐

554 146 162
                                    

Dare To Dream

# 6th phase #

Chi Won POV.......

" අ.. අප්පා...." (father) මින්ජි වෙවුලන කටහඬින් කියද්දි මම ආපහු ඒ පිරිමි කෙනා දිහාට හැරුනා.. මේ මින්ජිගෙ අප්පාද එතකොට.. මොන හේතුවකටද මන්දා මට එයාගෙ හැසිරීම එච්චර හිතට ඇල්ලුවෙ නැහැ..

එයා හිමිහිට අපි දෙන්නා දිහාවට ආවෙ මින්ජි දිහා බලාගනමයි.. ඒ බැල්මෙ තිබුණෙ රළු ගතියක්.. මින්ජි හිටියේ බයෙන් වගේ බිම බලාගෙන.. මින්ජි එයාගෙ වෙවුලන ඇඟිලි එකිනෙකට පටලවමින් හිටියේ.. මම හොඳටම දන්නවා එයා මේ විදියට හැසිරෙන්නෙ හොඳටම බය උනාම කියලා.. මොකද මම බනිනකොටත් මින්ජි හැසිරෙන්නේ මේ විදියටමයි..

" මම හොස්ටල් එකට ඇවිත් දැන් ගොඩක් වෙලා.." මින්ජිගෙ අප්පා මින්ජි දිහා බලාගෙන කිව්වෙ මම එතන ඉන්නවා කියලා ගානක්වත් නැතුව.. එයාගෙ හඬේ කිසිම තෙතමනයක් තිබුණෙ නැහැ..  එයාගෙ හඬට මින්ජිව ගැස්සිලා ගියා..

" අ..අප්..පා___

" අන්යොන්හසෙයෝ.. (hello) මම මින්ජිගෙ කෝච්.. පාර්ක් චි වොන් ඉම්නිදා..." (I am Park Chi Won ) මම මින්ජි මොකුත් කියන්න කලින් එයාලගෙ කතාව මැද්දට පැන්නා.. මගේ දිහා බලපු මින්ජිගෙ අප්පාගෙ මූණ පුදුමෙන් බර උනා..

" ඕහ්... ලී හන් වූ ඉම්නිදා.." (I am Lee Han Woo) එයා ඒක ටිකක් කිව්වෙ හඬ බරකරලා ආඩම්බරෙන් වගේ.. මමත් එයාගෙ හොඳ රසිකයෙක් තමයි.. ඒත් මට මේ වෙලාවේ ඒක එයාට දැනෙන්න ඉඩ අරින්න හිතුනෙ නැහැ..

" කවුද සර් ගැන නොදන්නෙ.. මට එක පාරටම අඳුරගන්න බැරි උනා.." මම කිව්වෙ හිනාවක් මවාගෙන එයා දිහා බලනගමන්.. එයත් ඒකට හිනා උනා..

" ම්හ්... මට දැනගන්න පුළුවන් ද මින්ජි මේ වෙලාවේ හොස්ටල් එකෙන් පිටට ගියේ ඇයි කියලා..??" හන්වූ ෂී ඒක අහද්දිනම් ආපහු එයාගේ හුරු පුරුදු රළු මූඩ් එකට ආවා.

" ඔහ් මියන්නෙයෝ... (oh sorry) මම එයාට අමතර ප්‍රැක්ටිස් දැම්මා.. ඉතින් මහන්සිය වැඩි නිසා එයාට ටිකක් අසනීප උනා.. මම මේ එයාව අපේ ඩොක්ටර්ට පෙන්නලා එනගමන්..." මම කිව්වෙ බිම බලාගෙන ඉඳපු මිනා දිහා බලාගෙන..

" ඕහ්.. එහෙමද??" එයා එහෙම කියලා මින්ජි දිහා බැලුවත් ඒ බැල්මෙ කිසි ආදරයක් අනුකම්පාවක් තිබුණෙ නැහැ.. මට ඒ වෙලාවේ නම් මින්ජි ගැන ඇත්තටම දුක හිතුනා..

Dare To Dreams || Side Story Of Pearlescent Smile FFWhere stories live. Discover now