Episode 01

1.4K 179 116
                                    

-------------------------------------------------🌺

මේ ඉන්නේ මම...මගේ නම ක්ලෙයා ග්‍රාන්ට්......ඇමෙරිකානු ජාතික මධ්‍යම පන්තියක තරුණියක් වුණු මට තිබ්බ එකම හීනය වෛද්‍යවරියක් වෙන එක....ඒත් අවාසනාවකට මට ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වෙන්න හැකියාවක් තිබ්බේ නෑ...ඒත් මට මගේ හීනේ අතාරින්න හිත හදාගන්නත් බෑ.....
ඒකට මට තිබ්බ එකම විසඳුම වෙන රටක වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වෙන එක....

-----------------------------------------------------🌺

දකුණු කොරියාව...මම ඇමෙරිකාවේ ඉදන් ආවේ මෙහෙට......මගේ ආසාව ඉෂ්ට කරගන්න මම මෙහේ medical college එකකට ඇතුලු වුනා.....
මෙහෙට මම දැන් ඇවිල්ලා අවුරුදු පහක් වෙනවා....මුලදි පොඩ්ඩක් නුහුරු ගතියක් දැනුනට දැන් මෙහේ මට මගේ උපන් රටටත් වඩා පුරුදුයි...දැන් මම මෙහේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්....මට පොඩි කාලේ ඉදන් තිබබ එකම හීනය තව දවස් කිහිපයකින් සැබෑ වෙනවා....

____________සතියකට පසු_____________

මම මගේ දෙමව්පියන් දෙන්නව අන්තිමට දැක්කේ මගේ graduation එක දවසේ....එදා එයාලගේ ඇස්වල තිබුණු ඒ නිහතමානී ආඩම්බරකම දැක්කම මට ගොඩක් සතුටු හිතුනා....එයාලත් ආස කරේ කොහොමහරි මාව ඩොක්ටර් කෙනෙක් කරන්න....එයාලගේ වගේම මගෙත් හීන සැබෑ වෙන ගමන් මට වෛද්‍ය උපාධිය හම්බුනා...

තව ටික දවසක් මාත් එක්ක එයාලට ඉන්න ඕන වුනත් එහේ වැඩ ගොඩක් එයාලට කරන්න තියෙන නිසා එයාලා graduation එකෙන් දවසකට පස්සේ ආයෙත් ඇමෙරිකාවට ගියා....

මට මගේ මුල්ම පත්වීම soul වලම ප්‍රසිද්ධ private hospital එකක හම්බුනා...

හිතපු තරම් ඩොක්ටර් ජොබ් එක ලේසි නැති වුනත් මේ ජොබ් එකට ගොඩක් ආදරේ කරා....

මෙහෙට ඇවිල්ලා සති කීපයක් යන්නනත් කලින් මෙහෙ ඉන්න හැමෝම මගේ යාලුවෝ වුනා....එයාල හරිම සුහදශීලියි....මට මොනාහරි උදව්වක් ඕන වුනාම හැමවෙලේම එයාල මට උදව් කරා....

Kim soyeon

මගේ හොඳම යෙහෙලිය...ඇය කොරියානු තරුණියක් වුනත් මාව ඉක්මනටම යාලු කරගත්තා....අපි දෙන්නා එකම ⁣වයසේ නිසා අපි දෙන්නට දෙන්නාට හොඳට තේරුම් අරගෙන හිටියේ....එයා ගොඩක් ක්‍රියාශීලි වගේම කරුනාවන්තයි...ජොලියේ ඉන්න කැමති කෙල්ලෙක්....පොඩි දේටත් බක බක ගාලා හිනා වෙන එක එයාගේ පුරුද්දක්...

🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang