Chapter 10 🌸 Screet Keeper🌸

612 112 23
                                    

කෙල්ලෝ කට්ටියටම මහන්සි නිසා එයාලා විවේක ගන්න එයාලගේ කාමරේට ගියා.............. රෑ කෑම හදන්න ඕන නිසා ජින් හියුන් කුස්සියට ගියා........... ටික වේලාවකට පස්සේ ගායෝනුත් ඒ පැත්තට ගියා ........
හොබි හියුන් හිමීට සුන්මිගේ කාමරේට රිංගුවා........... පොඩි සෙට් එකම එයාලගේ කාමරේ ඉදන් කෑගහනවා .............. යුන්ගි නම් එයාගේ කාමරේ පොඩි ඇලට් එකක් දාන්න ගියා ( හැමවෙලේම එහෙමයි නේ ) 😴😴😴

හැමෝම තම තමන්ගේ කාමරවලට ගිය නිසා නම්ජුනුත් එයාගේ කාමරේට ගියා.......... බැරි වෙලාවත් හේසල් සාලෙම හිටිය නම් නම්ජුනුත් කාමරේට එන්නේ නෑ ................ එතන පිලිමයක් වගේ ඉදියි 🗽🗽🗽.............. ඒකත් හේසල් දිහා බලාගෙන ම.................................

නම්ජුන් කාමරේට එන කොට යුන්ගි හොඳටම බුදි 😴😴😴........... ඒ හින්දා නම්ජුන්ට නිදහසේ හිතන්න පුළුවන් වුනා ................ මොන තරම් පජාත කතා කිව්වත් මේ වගේ වේලාවට යුන්ගිගේ වටිනාකම කියලා වැඩක් නිම කරන්න බෑ 🙃🙃🙃🙃.............. මූව හොරු අරන් ගියත් ඇහැරෙන්නේ නෑනේ..................🤣🤣🤣🤣🤣🤣

කාමරේට ආව නම්ජුන් සද්දයක් නොකර පුටුවේ ඉදගත්තා ............. ඇස් දෙක පියාගෙන හේසල්ගේ මූණ මවාගත්තා ................. හේසල් ගැන හිතෙන හැමවෙලේම නම්ජුන්ගේ මූනේ ඉබේම හිනාවක් ඇදෙනවා............ ඒක කොල්ලට ගානක්වත් නෑ ............ එළියේ ඔය විදියට හිතුව නම් එහෙම දකින මනුස්සයා අහයි " තමුසෙට පිස්සුද කියලා ".......... යුන්ගියා නිදිනේ .......... නම්ජුන්ගේ හිනාව දකින්න වෙන කවුරුත් හිටියේ නෑ.......

.............................................................

ජින් කුස්සියට ගියේ කට්ටියගේ රෑ කෑම හදන්න ....................... කෙල්ලෝ ඔක්කොටම මහන්සි නිසා රෑ කෑම හදන්න උදව් ගන්න ජින්ට පුළුවන් වුනේ නෑ ................. කොල්ලෝ ටිකත් ගොඩක් මහන්සියෙන් ඉන්නේ කියලා ජින් හොඳට දන්නවා .............. ඒ හින්දා තනියම රෑ කෑම හදන්න හිතාගෙන කුස්සියට ගි⁣යේ ..................

ඒත් ටික වෙලාවකට පස්සේ ගායෝන් ආවා කොල්ලගේ උදව්වට .............. කෙල්ල දැනන් හිටියා කට්ටියටම මහන්සියෙන් ඉන්නේ කියලා ජින් කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැති බව .............. කොච්චර මහන්සිය තිබ්බත් ජින් තනියම වැඩ කරනවා කෙල්ලට බලන් ඉන්න බෑ ............... ඒ නිසා තමා කුස්සියට ගියේ ...............

HAERANG : MY LOVE  [ COMPLETED ]Where stories live. Discover now