part 08

449 94 61
                                    

Ra Eun Ha pov

මගේම සහෝදරියො දෙන්නෙක් වගේ ඉන්න යාලුවො දෙන්නට බොරු කරන්න මට ඕනෙ නැති උනත් කුකී වෙනුවෙන් මට ඒ දේ කරන්න උනා. එයා කියන වෙලාව එනකන් මන් ඉවසන් හිටියා.. එයාට උන පොරොන්දුව ඉශ්ට කරන්න මන් හැමදාම රෑ 11 ට එයාව හම්බෙන්න ගියා. යොන්සුයාටත් සියෝනටත් මන් කිව්වෙ මන් බදින්න ඉන්න කෙනා හම්බෙන්න යනවා කියලා. මෙච්චර කල් අපි දෙන්නා අතර නොතිබුනු බැදීමක් එක පාරට ආවෙ කොහොමද කියලා සමහර විට ඒ දෙන්නට ප්‍රශ්නයක් වෙන්නත් ඇති. ඒත් ඒ දෙන්නම මගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තෙ මගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති.

මියානෙ යොන්සුයා.. මියානෙ සියොනා.. මන් ඔයාලව රවට්ටන්න හිතුවෙ නෑ.ඒත් මට කුකී දුන්න පොරොන්දුව වෙනුවෙන් මේ දේ කරන්න වෙනවා..වෙලාව ආවහම ඔයාලට මන් හැම දේම පැහැදිලි කරන්නම්. මන් හිතනවා එදාට ඔයාලා මාව තේරුම් ගනී කියලා..

මේ 5 වෙනි දවස මන් කුකී හම්බෙන්න යන.. අපි දෙන්නා ගොඩක් සතුටින් කාලය ගත කරා. එයාව හම්බෙන්න ගිහින් එයා පොරොන්දු වුන විදියටම පැය දෙකක් ඇතුලතුල හැමදාම මාව අපාර්ට්මන්ට් එක ලගින් ගෙනත් බැස්සුවා. කවදාවත් මගේ විශ්වාසය කැඩුවෙ නෑ. ඒ දවස් තුන ඇතුලතුල අපි දෙන්නා අපි දෙන්නා ගැන ගොඩක් දේවල් දැන ගත්තා... මේ දවස් 4 ඇතුලතුල මන් කුකීව මගේ ජීවෙතේට ගොඩක් ලන් කර ගත්තා.කොටින්ම කියනවනම් කුකීගෙ ගෙදර තියෙන තැන පවා..ඒ ඊයෙ.. කුකීට හදිස්සියේ කෝල් එකක් ආවෙ එයා වැඩ කරන තැනින්.. එයාලට ඕන කරන ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරලා කුකීට එවෙලෙම එයාලට ඊමේල් කරන්න කිව්වා. ඉතින් මගේ කැමැත්ත අරගෙන කුකී මාවත් එක්කන් ගියේ එයාලගෙ ගෙදරට..ඕනකරන ෆයිල් ටික ස්කෑන් කරපු කුකීයි මායි ආයෙ ගියේ කවුරුත් නැති පැත්තකට නිදහසේ කතා කරන්න..

ඇත්තටම කුකීට ඕන තරම් වෙලා තිබුනා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න..ඒත් එයා මාව ඕනවට වඩා පරිස්සම් කරා. ඒ නිසාම එයා ගැන මට ඇති උනේ ගොඩක් ලොකු ආදරයක්. දවසින් දවස එයාව නැති කරගන්න මන් ලෝබ උනා.

Destiny 💔 (Completed)Where stories live. Discover now