..Who am i ..?(17)

115 35 0
                                    

ඔන්න අන්තිමට අපේ debut date එකට තව සතියක් වගේ කාලයක් තමා ඉතිරි වුනේ..

"December 14 හැන් ගග ගාව මල්වෙඩි සංදර්ශනයක් තියෙනවා..රෑ 7 වෙද්දි ඒක පටන්ගන්නවා...අපිට stage perform එක ඉවර වෙලා ඒක බලන්න යන්න පුලුවන්
Time ඇති හොදටම...practise room එකේදී ජැම් මා එක්ක කිවුවා...

"චැන් ඔයා අනිවාරෙන් එන්න ඕනී ඒකට....Debut එකෙන් පස්සෙ අපි දෙන්නා එක්ක යමු ...හාද ?

"අපි දෙන්නා විතරද ? ඇයි අනිත් අය ?"
"එයාලා sunbaenim ලා එක්ක පාටියට යයි . අපිට vivo එකෙන් party එකක් දෙනවනෙ එදාට debut එක නිසා..අපි fire works බලලා පාටි එක තියෙන තැනට යමු හරිද ? එනවා නේද ??"
"අනේ මන්දා ඔයාටත් මාර ආෂාවල් තියෙන්නෙ හා හා ඉතින් යමුකෝ...ඒ කතාව ඉවර වෙලා අපි පඩිපෙල බැහැලා පහලට එද්දි වායෝ ව මූනටම මුලිච්චි වුනා.වායෝ අපිට හිනා වෙලා එතනින් යන්න හදනකොට ජැම් එයාව අතින් ඇදලා නවත්ත ගත්තා...

"හියුන්ග් 14 වෙනිදා රෑ 7ට ඔයා හැන් ගග ගාවට එනවද ? එදාට හැන් ගග ගාව මල්වෙඩි සංදර්ශනයක් තියෙනව...ජැම් ජැම් වායොගෙන් ඒම ඇහුවාම මට පුදුම හිතුනා...

"පිස්සුද මට බෑ....මට වෙන වැඩ නෑ කියලා හිතුවද ?? වයෝ ගත් කටටම ඒම කිවුවාම ජැම්ගෙ මූන අවුල් ගියා.

"දන්නවද එදා ඔයා accident වුනා කිවුවාම මන් ගොඩක් බය වුනා...මන් හිතුවේ මට මගේ අයියව නැති වෙයි කියලා. ඔයා මා එක්ක තරහා ඇති ඒත් මන් එහෙම නෑ...ඔයා මගේ අයියා..මට ඔයාව වටිනවා...එදා මන් ඔයා ගැන ගොඩක් දුක් වුනාම ඊට පස්සෙ දවසේ රෑ ඔයා මට කතා කරලා කිවුවෙ ඔයාට මතකද ඔයා කියපු දේවල් ??? හියුන්ග් ඔයා කිවුවේ මට, ඔයා මට එදා ස්තූතී කලා ඔයා ගැන එහෙම හොයලා බැලුවට . ආපහු මා එක්ක රණ්ඩුකරන්නෙත් නෑ කිවුවා...ඔයාමයි එහෙම කිවුවේ..මන් ඔයාට ගැහුවා ඉස්සර , මට ඔයාව පෙන්නන්න බෑ ඒත් දැන් ඒක වෙනස් වෙලා...ඔයා ඇත්තටම මාව ඔයාගේ සහෝදරයෙක් කියලා පිලිගන්නවනම් එදාට හැන් ගග ගාවට එන්න . ඔයා ආවේ  නැත්නම් මන් හිතාගන්නම් එදා ඔයා මට කෝල් කරලා කිවුව දේවල් ඔක්කොම බොරු කියලා...අපි දෙන්නා සහෝදරයෝ නෙමෙයි කියලා...ජැම් පිස්සෙක් වගේ කියවගෙන කියවගෙන ගියා...ඇත්තටම මන් එදා ජැම්ගෙ නොදැකපු පැත්තක් දැක්කා...ජැම් වායොට ගොඩක් ආදරේ කරා...සමහරවිට වායොත් ජැම්ට ආදරේ කරොත් ...එහෙනම් මේ දෙන්නගෙ මේ තියෙන බැදීමට ගහන්න වෙන කිසිම සහෝදර බැදීමකට බැරි වෙයි...එයාලා දෙන්නා එකතු වුනොත් එයාලව කාටවත් කවදාවත් වෙන් කරන්න බැරි වෙයි...වායෝ කිසිම උත්තරයක් නොදී බලන් හිටියා අපි යන දිහා

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now