11 පරිච්ඡේදය

795 154 44
                                    


AN - අද කතාව 18+ 🙈

ඔන්නි...!!!

බෝහිට අදුරගන්න පුලුවන් වුනා කවුද කියලා.

ඇමී, කාගෙද මේ නම්බර් එක.

ඩ්‍රයිවර්ගේ අනේ.මගේ ෆෝන් එක ඕෆ් වුනා. මං ඔයාට ඉන්විටේශන් එකක් එව්වා හම්බ වුනාද??

මං දැන් ගෙදර ආවේ. ඒක බලන්න යද්දිම තමයි ඔයා කෝල් කරේ. ඉන්නකෝ..
ආව්...ඒ කියන්නෙ හෙට කෙල්ලගේ බර්ත්ඩේ එක ද???

ඔව් ඔව් ඔන්නි. ඔයා එන්නම ඕනි හොදද??? මේ ඒක නෙවෙයි මට හෙට අදින්න ඇදුමක් ගන්න ඕනි. අපි ශොපින් යමුද?

දැන්????

ඔව් ඔව් අනේ මේ දැන්. මං ඔයාලගේ ගෙවල් ගාවට එන ගමන්..

හරි එහෙනම් එන්නකෝ.

ඇමී එනකන් බෝහි ඉක්මනින්ම වොශ් එකක් දාගෙන ලේසි ඇදුමක් ඇදගත්තා. ඇමී ආවට පස්සෙ දෙන්නම එකට ශොපින් කලා. බෝහිටත් පාර්ටි එකට අදින්න ඇදුමක් තිබ්බේ නැති නිසා හොද වෙලාවට ඇමී එක්ක ශොපින් ආවේ කියලා බෝහිට හිතුනා.

ඔන්නි, මං දෙයක් අහන්නද?

ම්ම්ම් අහන්න..

කෝ ඔයාගේ පේරන්ට්ස්ලා??

හ්ම්ම්ම්..එයාලා නැති වුනා. කාර් ඇක්සිඩන්ට් එකකින්.

ඔයා පොඩි කාලෙද?

මට අවුරුදු 15 යි.

ඇමීට බෝහි ගැන දුක හිතුනා.

එතකොට ඔයා හැදුනේ කා ගාවද? අදුරන අය නෑයො කවුරුත් නැද්ද???

මං හිටියේ මගේ පුංච්ත් එක්ක. එයාලගේ ගෙදර. ඒත් එහේ ඉන්න බැරි තත්වයක් ආවා. ඩිග්‍රි එකත් මගින් දාලා මං මෙහේ ආවා. තනියම ජීවත් වෙන එක තමයි හොදම.
ඇමී ආපහු බෝහිගෙන් මුකුත් ඇහුවේ නෑ. මොකද එයාට තේරුනා ඒ ගැන මතක් කලාම බෝහි දුක් වෙනවා කියලා.

ඉස්සල්ලාම දෙන්නම එකතු වෙලා ඇමීට ඇදුමක් තේරුවා. රෝස පාට ලස්සන ගවුමක් ඇමී එයාට ගත්තා. ඇමී හරිම සතුටින් හිටියේ එයාගේ ගවුම නිසා.

You are my windWhere stories live. Discover now