Love rain with taehyung

4.5K 291 73
                                    

Love rain part 02

වේගවත් හිම,වැස්සත් ඇග හිරිවැටිලා යන සීතලත් නොඅඩුව තිබුනු පාරට මම බැස්සෙ අරමුණක් නැතුව...දැන් ටිකකට කලින් උනු දේවල් සේරම චිත්‍රපටියක රූපරාමු පෙලක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගත්තේ මගේ වේගෙ තවත් වැඩි කරන ගමන්...කිම් ටේහ්‍යොන්ග්...කිම් ටේහ්‍යොන්ග් මම ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නා නැවත හමුනොවේවි කියලා...mos !! ( never )

"හිම කුණාටුවක් එන්න වගේ" මගේ ගාවින් යමින් හිටපු ගෑණු කෙනෙක් එයාගෙ ෆෝන් එකෙන් තව කාටද කියනවා යන්තම් මගේ කනට වැටුනා...ඒක තඹ දොයිතුවකට කනකට නොගත්තු මම නොනවත්වා බේරෙන කදුලු දාතින්ම පිහිදගන්න ගමන් පුලුවන් තරම් වේගෙන් ඉස්සරහට ගියත් මට මේ වෙලාවෙ යන්න තැනක් හිතාගන්න බැරි උනා.. ටිකින් ටික හිම වැස්සෙ වේගෙ වැඩි වෙද්දිත් පාරෙ කකුල් එරෙන තරම් හිම වැටෙද්දිත් මගේ මුළු ඇගම හිම වලින් නෑවිලා ඇදුම් තෙත් බරියම් වෙද්දිත් මම මගේ ගමන නැවැත්තුවේ නැහැ...ඉස්සරහට ඉස්සරහට...ඔහේ ඉස්සරහට ගියා...

____පැය කීපයකට පෙර____

" ටේහ්‍යොන්ග්නා...." කම්මැලි කමේම ඇදේ අනිත් පැත්තට පෙරලීගෙන පෙරලීගෙන ආපු මම නැවතුනේ මගේ ටේ පැටියගෙ පපුව උඩ...ඒ උණුසුමට...ඒ සුවදට මම හැමදාමත් ආදරේ කලා...

" ම්හ්..." ඒත් ටේ උත්තර දුන්නෙ අවධානයකින් නෙවෙයි.ඒක ගාණකට නොගත්තු මම කලේ ටේගෙ නිරුවත් පපුව පුරාම ඇගිලි වලින් එක එක බලි කුරුටු ඇදපු එක....

" බබා ඕක නවත්තන්නකො මට කුචි..." එයාගෙ ලස්සන box smile එක දාපු ටේ මගේ බෙල්ල අස්සේ මූණ හංගගත්තා...අනෙ ඉතින් මගෙ පොඩි එකා...

" මේ...සූටි බන්ඩිය..." ටේගෙ බඩට ඇගිල්ලෙන් ඇනපු මම මහහයියෙන් හිනාඋනේ ටේගෙ පපුවටත් හිමීට අත මිටමොල්ස්වලා ගහලා...

" සීතල නැද්ද ම්ම්ම්ම්.." ටේ එකපාරම මාව අනිත් පැත්ත පෙරලගෙන මගේ මූණට එබුනේ ඇහැකුත් ගහලා...

" සීතලයි ඉතිම්...එලියෙ හිම වැටෙනවනේ..." ඇස් කරකවලා චූටි හිනාවක් දාපු මම ඇහි බැමි උස්සලා ටේ දිහා දගකාර විදිහට බැලුවා...

" මම ඉන්නකොට එතන කවදාවත් සීතල නෑ මැණික...අරස්සො? " මූණට වැටිලා තියෙන අපිළිවෙල කොන්ඩෙ අතින් කීපසැරයක් හදාගත්තු ටේ ආයෙත් මගේ මූණට එබුනා...අපි දෙන්නා අතරෙ තිබුනේ සෙන්ටිමීටර් එකහමාරක වගේ පරතරයක්...මහපටැගිල්ලෙන් මගේ තොලේ කොනක් සිනිදු විදිහට අතගාපු ටේ මගේ මූණට තවත් ලන් උනේ මොකටද කියන්න හේතු කාරණා ඕනි නෑ...ඒත් අපි අතරෙ සෙන්ටිමීටර් භාගයක දුරක් තියෙද්දි එක පාරම ටේගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...

𝗟𝗼𝘃𝗲 𝗥𝗮𝗶𝗻 ⁽¹⁸⁺⁾ | Completed |Where stories live. Discover now