"ඕහ් මයි ගෝඩ්! අද මම ඒ ලෙවල් කොමස් පන්තියට ගියපු පළවෙනි දවස. පන්ති බෙදලා තියෙන විදිහට ජෙනුරයි මායි වැටිලා තියෙන්නේ එකම පන්තියට. නවය වසරේ ඉඳන් මම එයාගේ පස්සෙන් යනවා කියලා එයාට තාම තේරිලා නෑ මම හිතන්නේ. මම දැනන් හිටියා එයා කරන්නෙත් කොමස් කියලා. ඒත් කවුද හිතුවේ අපි දෙන්නා එකම පන්තියට වැටෙයි කියලා. දෙයියනේ.. මට දැන් සතුට දරාගන්න බෑ වගේ." ඒ අයන්සා මට පෙම් කළ ආකාරයයි. ඇය මා බේරා ගැනීමට අනන්ත වේදනා වින්දාය. නමුත් මට ඒ කිසිවක් අවැසි නොවීය. මට අයන්සා අවැසි නොවීය. මට අවැසි වූ කිසි දෙයක් ඇය සතු නොවීය. එක් දෙයක් හැර... 2023 ඔක්තොම්බර් 01