මගෙ සුදු මැණික... මම දන්නවා මං මේ වචනෙ කියන්න සුදුසු නෑ කියලා.. ඒත් මේ පව්කාරයට සමාවෙනවද මගෙ මැණික. - දේශිත් - සමාව කියන වචනෙ දූවිලි වෙලා ගිය ආත්මයක් ආයෙ ගොඩ නගන්න වලංගු නෑ අයියෙ. - ආදිත්‍ය - ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා පුංචි මහත්තයො.. ජීවිත විනාස වෙනවා මතුපිටින් බලලා තීරණ ගත්තම. - විහස් - බිඳුණ වීදුරුවක් හදන්න පුළුවන් වුණාට වීදුරු කටු වෙනුවට දූවිලි ඉතුරු වුණොත් ආයෙ කඩතොළු තියෙන වීදුරුවක්වත් අපිට ලැබෙන්නෑ දේශිත්.. - ජනුල - හදිස්සි වෙලා ගන්න සමහර තීරණ නිසා මිනිස්සුන් තමන්ගෙ ජීවිතෙන්ම වන්දි ගෙවනවා අයියෙ.. - නේජ් -