"සමහර මිනිස්සු අපිව දාලා ගියාට, එයාලා අපි ළඟ ඉතිරි කරලා යන මතක නිසා අපිට එයාලව අමතක කරන්න සෑහෙන්න අමාරුයි..."
ආදාහනාගාරේ දුම් කවුළුවෙන් පිටවෙන කළු දුම දිහා අරලිය අතු අතරින් බලාගෙන මම සිගරට් එකක් පත්තු කරා...❤️
ජීවිතේට මිනිස්සු එනවා යනවා. ඒත් අපේ හදවතේ ඉඩක් වෙන් කරලා එතන ජීවත් වෙච්ච අය ගිය දවසට ඒ හිඩැස වහන්න ලේසියෙන් කෙනෙක්ට බෑ...
සමහර දවස් තියනවා මට මගේ ජීවිතේ මට මඟෑරුනු මිනිස්සු ගැන කල්පනා කර කර කාමරේටම වෙලා ගත කරන. ඒත් මම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න කරන උත්සාහයේ ප්‍රතිඵලය විදියට මම දකින්නේ මගෙන් ඈත් වෙලා යන අයට සුබ ගමන් කියලා සුබ පතන්න පුළුවන් අතහැරීමක්...
බැඳීමක් නැතිවෙනකොට තියන වේදනාව කොච්චර දැනගෙන හිටියත් මට දවසින් දවස එයා එක්ක තියන බැඳීම වැඩි වෙනවා. ඒක කොච්චර දරුණුද කියනවා නම් මගේ කේන්තිය නිවෙන්නෙත් එයා ගාව, මගේ දුක නැති වෙන්නෙත් එයා ගාව, මගේ හිනාව තියෙන්නෙත් එයා ගාව.
එයාගෙන් එළිය උනු දවසේ ඉදං හැමදාම මගේ අතේ පත්තු වෙවී තිබුනු ජොයින්ට් එක නිවුනා. භෞතික දේවල් වලට වඩා මතක එකතු කරන්න පටන්ගත්තා. වෙනදා මම අනිත් අයගේ හිතේ මතකයක් උනාට දැන් මගේ හිතේ එයා ගැන මතක පිරිලා...
ඉතිං මම කොහොමද ආයෙ පරණ විදියට ලියන්නේ...❤️
ත්‍රිමාගේ මුහුණු පොතෙන්..