_jesmine_

කාලෙකට පස්සෙ
          	https://www.wattpad.com/story/365757113

_jesmine_

ඇත්තටම එතන එයාගෙ වැරැද්දක් තිබ්බෙ නෑ. අපි දෙන්නගෙම එතන වැරැද්දක් තිබ්බෙ නෑ. තිබුන එකම වැරැද්ද මම වගේම එයා ආශ්‍රය කරපු තුන්වන පාර්ශ්වයෙ.  කෙනෙක් සතුටින් ඉන්නවා දරාගන්න බැරි එක්කෙනෙක්ගෙ කපටි කුමන්ත්‍රණයක් නිසා අද එයාට මාව එපා වෙලා.. මට ආදරේ එපා වෙලා. මාව මග අරින හේතුව කිව්වොත් මං යනවා කිව්වම ඒ කාලෙ ආදරෙන් කතා කරපු වචනෙන් කතා කරලා ඊට පස්සෙ කිව්ව වචන බරපතල නොවුනත් 'ඔයාට මට වඩා එයා වටිනවා ඇතිනෙ' කියද්දි පපුව පිච්චිලා ගිය තරම දන්නෙ මං විතරයි. එයාට අඩුම තිබ්බා හොයන්න. මගෙන් ප්‍රශ්න කරන්න. ඒ මුකුත් නොකර නිහඩවම එයා මාව අතඇරියා. බොරු වැරැද්දකට මං එයා ඉස්සරහ වරදකාරියක් වෙලා. ඔප්පු කරගන්න විදියක්වත් නැතිව. ආයෙමත් ඒ හඩින් අර ආදරණීය ඇමතීම ලබන්න මං ආසයි. ලෙඩ වෙලා ඉද්දි රෑ හත පහුවෙද්දි කෑවද බේත් බිව්වද කියලා එන මැසේජ් එක ආයෙ ලබන්න ආසයි. විභාග දවස් වලට මං කීයටද නිදාගන්නෙ ඒ වෙනකම් ඇහැරිලා ඉදලා 'ඔයාට පුලුවන් ඒක කරන්න' කියනවා බලන්න ආසයි. කොමස පන්තියෙ සමහර ගනන් බැලන්ස් නොවෙද්දි අතින් අල්ලගෙන ඒවා කියලා දෙන දවසක් ආයෙ එනවනම් මං ආසයි. ඒත් එහෙම දවස් ආයෙ එයිද... මේ තරම් ලොකු දෙයක් උනාට පස්සෙ ඒ ආදරණීය දවස් ආයෙ එයිද කියලා මං දන්නෙ නෑ.
          එයාට මං ස්තූති කරන්න ඕනි. 'දාර බඩුවක්' කියලා එයාගෙ යාළුවො ඉස්සරහ පෙන්නන්න පුලුවන් කම තියෙද්දිත් කුනු හරුපෙන් වාචිකව මාව විනාස කරන්න පුලුවන් කම තියෙද්දිත් එයා මාව ආරක්ෂා කරා. කාටවත් මං ගැන වචනයක් කියන්න නොදී එයා තාමත් මාව ආරක්ෂා කරනවා. මං වෛර කරනවා ඒ තරම් ආදරයක් මට නැති කරපු එකාට හෝ එකීට. ඉදලා හිටලා ගනන් පන්තියෙදි කොමස් පන්තියෙදි අහම්බෙන් ඇස් මුණ ගැහෙද්දි මං අමාරුවෙන් මාව පාලනය කරනවා. ඒ කාලෙකට කලින් පැය ගනන් මං ගිලුන ඇස් කියලා මතක් වෙද්දි ඒ වේදනාව කාටවත් තේරෙන්නෙ නෑ. එහෙම බලං ඉදලා 'මං ආදරෙයි' කියලා තොල් මතුරපු එයා අද හිතාමතාම ඒ ඇස් සම්බන්ධය මග අරිනවා. 
          මං නිර්දෝශී කියලා ඔප්පු කරන්න මොනයම්ම හෝ ක්‍රමයක් තියෙනවනම් මං ලෑස්තියි ඒක කරන්න.

Yureeta

@_jesmine_  no answer akke. I don't have experience... But always with you (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

_jesmine_

ඔයාලගෙ ජීවිත වලට එන වෛරණ මිනිස්සුන්ට අතුරුදහන් වෙන්න දෙන්න එපා. හැබැයි පාට කරනවා කියලා ඔයාලා අමාරුවෙන් ඇදපු චිත්‍රය විනාස කරන්න එන අයව පිලිගන්නත් එපා. 
          ඈත ඉදන් හරි ඔයාගෙ චිත්‍රයට වර්ණ සපයන අයව ආරක්ෂා කරගන්න! 
          https://www.wattpad.com/story/365757113

_jesmine_

දන්නවද? ඇබ්බැහි වෙන්න හොදම නැත්තෙ මිනිස්සුන්ට ළඟින් ඉද්දි වෛවරණ ෆැන්ටසියක ජීවත් වෙනවා වගේ හිතෙයි.
          ඒත් වෙන්වෙද්දි, කළු සුදු විතරක් තියෙන අදුරු බයානක ෆැන්ටසියක
          අතරමං වෙයි. ඔයා තනියම. නිකොටින්, කොකේන්,අයිස් වලට ඇබ්බැහි උනාට වඩා
          බයානකයි.
          එකම එක මිනිහෙක්ට ඇබ්බැහි වෙන එක.
          නිදි නැති රැයවල් එකපිට එක එද්දි,
          ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් වෙද්දි, මැණික් කටු ළඟින් එක දිගට කැලැල් එද්දි, ඔයාටම තේරෙයි.
          හුදෙකලාව කොයි තරම් ලස්සන සන්සුන් ෆැන්ටසියක් කියලා.
          එතැන දුක රහිතයි!
           #ජීවිතේගැනගැඹුරින්මනෝපාරක්ගහනපින්සිපල්ගෙන්සෝවාන්පලලබපුහින්දා ගැම්මෙන් ඉන්නමම #එන්නඅපිසපත්තුකමු #260324 #jesmine

ParkJUNGMI2007

@_jesmine_ aththa thaniyama jeewath wena eka tikk amaru unath thamangema lokeka jeewath wenawa wage danena e hageemt mn hri asai...hbi e de nisa jeewithe nathi krganna hithichcha wara ananthai unath...hudakalawa hithata nidahas
Reply