hazii-k

මම දැන් ලියන්න සෑහෙන්න කම්මැලියෙක් වෙලා . ඒත් wattpad එකේ ලියලා මගදි නවත්තපු තුනෙන් එකක්හරි complete කරන්න ඕන කියලා හිතුවා . 
          	
          	බොරදිය 
          	ඈ 
          	අපර්ණා 
          	මේ තුනෙන් මොකද්ද මම complete කරන්න ඕන . ?
          	
          	කාලය කොච්චර ගියත් තවම මේ හැමකතාවකම ප්ලොට්ස් කටුසටහන් වගේ මගේ ලග තියන නිසා කන්ටිනියු කරන එකනම් ප්‍රශ්නයක් නැ  . 
          	
          	ඒත් එක්කම වැඩ ගොඩක් අස්සේ ලියන්න කාලය හදාගන්න අයගෙන් උපදෙසක් ඕන . ඔයාලා මොනවද අනුගමනය කරන මෙතඩ්ස් කියලා . වැඩ කියන්නේ මම ස්ටඩීස් සහ full time ජොබ් එකක් කරන අතරෙයි ආපහු ලියන්න යන්නෙ . මට දුවන කෝච්චියෙ ලියන්නත් බෑ . වෙලාව අරගන ගොඩක් හිතලා ලියන මනුස්සයෙක් . 

NethmiDevindya

@hazii-k අපර්ණා කතාව සම්පූර්ණ කරන්නකො අක්කි පුලුවන්නම් ☺️
Reply

twin-of-Apollo

@hazii-k බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය 
          	  
          	  methods nm itin pomodoro, time boxing, time blocking  thmi
Reply

hazii-k

මම දැන් ලියන්න සෑහෙන්න කම්මැලියෙක් වෙලා . ඒත් wattpad එකේ ලියලා මගදි නවත්තපු තුනෙන් එකක්හරි complete කරන්න ඕන කියලා හිතුවා . 
          
          බොරදිය 
          ඈ 
          අපර්ණා 
          මේ තුනෙන් මොකද්ද මම complete කරන්න ඕන . ?
          
          කාලය කොච්චර ගියත් තවම මේ හැමකතාවකම ප්ලොට්ස් කටුසටහන් වගේ මගේ ලග තියන නිසා කන්ටිනියු කරන එකනම් ප්‍රශ්නයක් නැ  . 
          
          ඒත් එක්කම වැඩ ගොඩක් අස්සේ ලියන්න කාලය හදාගන්න අයගෙන් උපදෙසක් ඕන . ඔයාලා මොනවද අනුගමනය කරන මෙතඩ්ස් කියලා . වැඩ කියන්නේ මම ස්ටඩීස් සහ full time ජොබ් එකක් කරන අතරෙයි ආපහු ලියන්න යන්නෙ . මට දුවන කෝච්චියෙ ලියන්නත් බෑ . වෙලාව අරගන ගොඩක් හිතලා ලියන මනුස්සයෙක් . 

NethmiDevindya

@hazii-k අපර්ණා කතාව සම්පූර්ණ කරන්නකො අක්කි පුලුවන්නම් ☺️
Reply

twin-of-Apollo

@hazii-k බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය 
            
            methods nm itin pomodoro, time boxing, time blocking  thmi
Reply

hazii-k

තද පැල්ලම්
          
          නෙරා ආ නාසය 
          තදැති සාගරය මෙන් වූ දෑස 
          අග උල් වූ ඇහිබැම 
          මස්කාරා ගැල්වූ ඇහි පිහාටු 
          රතු තොල් සායමින් හැඩවූ දෙතොල
          ඈ වසා සිටි 
          
          දිලිහෙන ඇහි බෝල 
          එකට එක් වූ ඇහි බැම 
          රත් පැහැ කැලැල් 
          රෝස පැහැ කම්මුල් 
          තෙතමනය ඇති දෙතොල 
          කිරි පැහැ ඇය සමග සිටි 
          
          බැලූ බැල්මට 
          ප්‍රතිවිරුද්ධ ව පෙනුනද 
          ඈගේ ගෙල වටා ඇති 
          තදැති අදුරු පැහැ පැල්ලම් 
          මැකීයන ඇගිලි සලකුණු 
          ඇයගේ බව නොදනී 
          
          තදැති සාගරය මෙන් වූ දෑස් 
          සාගරය පරිද්දෙන් 
          කදුළු සාගරය දරාගනි 
          සියල්ලම දන්නා 
          නමුත් නොදන්නා 
          දිලිහෙන ඇහි බෝල 
          එදා මෙන් අදත් 
          නොනවැති දිලිහෙයි 
          
          රතු තොලින් වැසෙන 
          ලේ පැහැ කැටිති 
          සරාගීව තවත් පෙනෙයි
          රෝස පැහැ කම්මුල් 
          කිරි පැහැ ඇයට 
          අහිංසක නම දෙයි 
          
          ඈ වැරදිය 
          ඇය නිවැරදිය 
          නිගමනය අවසන්ය . 
          
          
          
          හසී . 
          
          
          
          https://www.wattpad.com/story/361925669?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=hazii-k

hazii-k

After long long long කාලෙකට පස්සේ ආයේ ආවා. මේ දවස්වල මම සෑහෙන්න අත්දැකීම් එකතු කරනවා . සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන්න ආස රස්තියාදුවට බර විදියෙ අත්දැකීම් . 
          
          මේ ලගදි දවසක බීර කෑන් දෙක තුනක් වැල්වත්ත ස්ටේෂම පිටිපස්සෙ ලදුකැලෑ අස්සෙ ඉදන් හිස් කරලා ඉන්න කෙල්ලො කොල්ලොන්ට සූ සූ සද්ද දාලා වැලි කාලා ඇදගන ගිහිපුව ෂෝර්ට් පිටින්ට මූදට පැනලා නාලා ඒ මදිවට වැස්සටත් තෙමිලා , වතුර බේරි බේරි වැල්වත්ත ස්ටේෂමේ ඉදන් රෑ අටට විතර අවසිහියෙන් ඇවිදගන යන එකත් එක්තරා විදියක රස්තියාදුවක අත්දැකීමක් . වාහන ස්ලෝ කරලා කියන එක එක කතා ඇහුවම නම් උන්ට ගහලා පොලිසියට යන්න හිතෙන එක තවත් විදියක කතාවක් . 
          
          අර හදට යන්න පුළුවන් විදියෙ තල ගුලි චොක්ලට් අයිස්ක්‍රීම් එක්ක හොදට පෑහෙනවා කියලා හොයාගන්නත් පුළුවන් වුනා . අපි තනියම හදට යන මිනිස්සු නෙවෙයිනේ යන්නෙ රොත්තපිටින් . හදත් දැක්කා හදේ හාවාත් දැක්කා . 
          
          මගේ ඔක්කොම ප්‍රශ්න විසදෙන්න කියලා නාහෙත් විදගත්තා . ගෙදර මිනිස්සු නම් එච්චරටම කැමැත්තක් පෙන්නුවෙ නෑ නාස් ලනුවක් විතරයි අඩු කියලා කීවේ . නෝස් රින්ග් දැම්මට ප්‍රශ්නනම් අඩුවුනේ නෑ. ඊලග ප්ලෑන ඔක්කොම ප්‍රශ්න විසදෙන්න කියලා ටැටූවක් ගහන එක " love me more " කියලා අතේ ගහලා තවත් කැටයමක් උරහිසක ගහගන්නයි කල්පනාව . 
          
          රෑ දොලහට විතර පොද වැස්සේ අයිස්ක්‍රීම් කන එකනම් පුරුද්දක් බවට පත්වීගන එන්නේ , උණ හැදිලා මැරෙන්න වැටිලා හිටියා කියලා ගානක්වත් නැතිව කට්ටිය එක්ක සෙට්වෙලා අදුරු අහසයි ලයිට් පත්තුවෙන බිල්ඩින් දිහා බල බල ජීවිතේ කටුක කතා අමතක කරා . 
          
          මිනිස්සු උනහම හීනියට හරි පිස්සුවක් තියෙන්නේ ඕන . මම දැන් ඉන්නේ මගේ කියලා මුකුත්ම නැති එක්තරා කාලෙක රස්සාවක් නැතිව ඉගනගන්න ඕනකමක් නැතිව පොඩි පොඩි වැඩ කරලා යන්තමට කන්න බොන්න කීයක්හරි හොයාගන ඒ හම්බෙන සොච්චමත් වෙන වෙන මගුල්වලට වියදම් කරලා සමහර දවසට බඩට කෑ ගහන්න එපා කියලා මල් තියලා වැදලා රෑ පුරාම වේදනාවට කෙදිරි ගාගා , ගෑස් පත්තුවෙන එක දරාගන්න බැරිව තනියම වොෂ්රූම් එකේ මහ රෑට වමනෙ දාන එක්තරා කාලෙක . විදිනවද විදවනවද කියලා තේරුමක් නැතිව ඔහේ කාලෙට ගලායන්න ඇරලා කරන්න පුළුවන් ඔක්කොම මෝඩවැඩ කරන එක්තරා කාලෙක . 
          
          මම මිනිස්සුන්ගෙන් ඈත්වෙලාද මිනිස්සු මගෙන් ඈත්වෙලා ද කියලා නොදන්න කාලෙක , මට මාව මම විසින්ම විනාස කරගන්න උත්සාහ කරන කාලෙක . ආ මේ හැමදේම රසවත් අරමුණක් නැතිව ඔහේ ගලාගන යන ජීවිතයත් රසවත්.
          
          
          හසී. 

hazii-k

@CrisellaZoi මම තව ඉස්සරහට මොනව කරයිද කියලානම් දන්නේ නෑ . 
Reply

CrisellaZoi

@hazii-k මාස ගානකට කලින් මම ගත කරපු ජීවිතෙන් කොටසක් මෙහෙම වචන වලින් දකිද්දි මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් එනවා. හඳේ හාවට වඩා ලස්සන උනුත් ඉස්සරහට හම්බවේවි, සමහර විට ! පරිස්සමට හසී .:.♥️.:. ' ඔබගෙන් තරම් ' ආයෙ කියවන්න ආවමයි මේක දැක්කෙ ✌️
Reply

hazii-k

2023 අවුරුද්ද , ජීවිතේ වැඩිපුරම ප්‍රතික්ෂේප වීම් වලට මූණදෙන්න සිද්ධවුන වසර ඔව් ජීවිතේ හැම පැත්තකින්ම ප්‍රතික්ෂේප වුනා . මනුස්සයෙක් විදියට දරාගන්න අමාරු දවස් ගත කරන්න සිද්ධවුනේ වචනයක්වත් කාටවත් නොකියා තනියමම මුළු පීඩනයම හිතේ හිරකරගන . රෑට කොට්ටෙ මූණ තදකරගන ඉකිගහපු රැයවල් ගොඩක් ඇති . සමහරවිට අද රෑටත් එහෙම ඉකිගහයි පුංචි හඩක් හරි ඇහෙන්නේ නැති වෙන්න . 
          
          මගේ දුක වේදනාව සහ මගේ කතාව අහන්න කිසිම මනුස්සයෙක් සුදානම් නෑ කියලා මට තේරුම් ගියෙ මේ අවුරුද්දේ , මිනිස්සුන්ට අපෙ දුක වේදනාව එක්තරා කාල පරාසයක් ගෙවාගන්න මාතෘකාවක් විතරයි ඉතින් මම මගේ දේවල් තවදුරටත් නොදෙන්න තීරණය කලා.  මගෙන් දැන් ඕනම කෙනෙක් කොහොමද ඇහුවොත් මම කියන්නේ මම හොදින් කියලා විතරමයි . මම තවමත් ප්‍රතික්ෂේප වෙනවා , තවමත් මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරනවා ඒත් මට දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි මිනිස්සුන්ට පුළුවන් මාව ප්‍රතික්ෂේප කරන්න කවුරු මාව ප්‍රතික්ෂේප කරත් මට දැන් මම ඉන්නවා . ඉතින් මම දැන් හොදින් සතුටින් ඉන්න මනුස්සයෙක් . 
          
          
          මුළු ලෝකෙම මාව ප්‍රතික්ෂේප කලත් මට මම ඉන්නවා . 
          
          
          
          

Thavee33

@hazii-k ප්‍රතික්ෂේප වීම්... ජීවිතේ ඉතුරු වෙලා තිබුණ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා ගිහාම මොකක්ද කරන්න ඕනෙ? වැටෙන්න පුළුවන් අන්තෙටම වැටිලා ඉන්නේ... නැගිටින්න ඕනෙ වුනත් කොහෙන්ද පටන් ගන්නෙ කියල හිතා ගන්න බෑ....
Reply

Sumuduwathsala92

@hazii-k wedagathma de thaman thamanwa prathikshepa nokara ganna ...
Reply

hazii-k

අද කතාව ඥාණ දත් ගැන ,
          
          කිසිම ඥානයක් නැති මට ඥාන දත් දෙකක් එකවරම එන්නට හේතුවක් නම් හිතාගන්න බෑ . කැල්සියම් අතිරික්තයක්වත් ඇතිවෙලා කියලා උපකල්පනය කරන්න පුළුවන් ද ? 
          
          ඔක්කොටම වඩා දැනෙන වේදනාව උහුලන්න බෑ . මුකුත් හපන්න බෑ . කන්න බෑ තරු යනවා ඔළුව වටේටම . ප්‍රශ්න මැද ආතල් එකේ ඉන්න හැදුවම දතක් හරි ඇවිත් වදදෙනවා. අයියෝ මට ජීවිතේ කලකිරෙන්නෙ මේ දත් නිසා . 
          
          

hazii-k

@Throwaway288 අම්ම නිශේධ බලය ක්‍රියාත්මක කරලා පේන්කිලර්ස් ගන්න දෙන්නෙ නෑ , ඩොක්ටර් කෙනෙක් ලගට යන්ලු . මට යන්න බෑ 
Reply

Throwaway288

@hazii-k pain killers nedd
Reply

hazii-k

ගෙදර යන ගමන් ඉන්නේ , ඉස්සරහ ෂීට් එකේ කපල් එකක් උන් දෙන්න හෙනම රොමෑන්ටික් , ඒ මදිවට සැරින් සැරේ හිමිහිට කිස් ඒවත් දෙනවා ( සුට්ටක් විතර ඇතුල කළුවරයි )
          ඒ ඔක්කොම බලාගන අහිංසක මම දරුණු කැස්සක් එක්ක හීතලේ ගැහි ගැහි ඉන්නවා . 
          
          මේව බලාගන ඉන්නේ කොහොමද :-( . 

Throwaway288

@hazii-k mtt penn be ane 
            Ml karumyk vela meka den
Reply

hazii-k

@LolaYumi ඒකට මත්වෙනවා .. පුළුවන් නම් හොද අයිඩියා එකක් :-)
Reply

hazii-k

@SHenyaKHDaisy ඔය ලමයාට අර කුරුල්ලා බලාගන ඉන්න 
Reply

hazii-k

ඇයි මේ wattpad පිස්සු නටන්නෙ , අප්ඩේට් කරාටත් පස්සේ . 
          Confused unga bunga වෙලා ඉන්නේ . 

Throwaway288

@hazii-k kavruhri boot ek thiyld dnne ne 
Reply