snowi_3031

Chapter 11 පබ්ලිශ් කරා ❤
          	I just published "11 කොටස " of my story "fri(end)s ". https://www.wattpad.com/1448263710?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=snowi_3031

snowi_3031

ලාවට මුමුණන ගානට ඇහෙන පද පේලි වල අතරමං වෙලා 
          සිමෙන්ති මාලිගාවක් ඇතුලෙ පෙනහලු පිරෙන්න සැනසීමෙන් හුස්ම අල්ලන්න පුළුවන් එකම තැන මං එකම ඉරියව්වෙන් ඉඳන් පෝලිමට වැහුන ජනෙල් වීදුරුවට හාදු දීගෙන යන වතුර බිංඳු දිහා බලාගෙන ඉන්නවා .
          
          ඒවා වැහි බිංඳු කිව්වට අහස කේන්ති අරන් සද්දෙට ඉඳල හිටලා කෑ ගහලා කියනවා නෑ ඒ ආදර බිංඳුලු ! 
          
          ආලෝක වර්ශ ගාණක් නොඋනත් අහස පොලව අපි හිතනවට වඩා ගොඩක් ඈතයි හැබැයි අහස ආදරෙයි කියලා පොලවට කියන්න ලෝබ නෑ .
          
          පොලවට දරාගන්න බැරි තරම්
          මහා ලොකු ආදරයක් 
          බිංඳු බිංඳු මහ ගොඩාරියක් ඇතුලෙ
          හංඟලා එවනවා . ආදර බිංදුවල !! 
          
          පොලව හම්බුණ ගමන් හය්යෙන් ආදරෙයි කියල කියනවලු ..
          
          ඒත් මට අහසෙන් අහන්න තීන්නේ , 
          
           උඹට බය නැද්ද බන් ඔය හැමදේම දරාගන්න පොළවට උබේ ආදරේ බර දරාගන්න බැරි වෙයි කියලා  ! 
          
          උබේ ආදරේ බය නැතුව කියද්දි  ප්‍රතික්ශේප වීමක් ගැන අංශුමාත්‍රෙකවත්  බයක් උබට නැද්ද ! ?
          
                                                   - රනුත් ප්‍රාර්ථන