𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02 📍

291 49 8
                                    


Rafaya p.o.v.

          කැටෆේරියා එකෙන් එළියට එද්දි යූරා යටිගිරියෙන් කෑගගහා බනිනව ඇහුනත් මං ගානකට ගන්නෙ නැතුව ආවෙ මට ඕනි දේ කරපු නිසා.😏 තාමත් කේන්තියට මගෙ අත් දෙක වෙව්ලනවා.දැන්නම් ලෙක්චර්ස් එහෙකට තියා කැම්පස් එකේ ඉන්නවත් මූඩ් එකක් නැ. බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ ටැප් එකකින් මූනට වතුර ගහගෙන ගහගෙන ගියපු මං එතනම තිබ්බ බෙන්ච් එකකින් වාඩිවෙලා බලන් හිටියෙ බස් එකක් එනකන්. එච්චර වෙලා ඉන්න වුනේ නැහැ අන්න එනවා.
        මං පිටිපස්සෙම ෂීට් එකක වාඩිවෙලා ෂටර් එකට කම්මුල හේත්තු කරගත්තේ ඇස් දෙකත් පියාගෙන.කේන්තියට රත්වෙලා පුපුරු ගැහි ගැහි තිබ්බ කම්මුල වීදුරුවෙ සීතලට නිමෙනව වගේ.නින්දත් යන්න එනවා.
       
             මං ෂින් රෆායා.පොඩ්ඩක් ගැළපෙන් නෑ වගේ නේද 😅 ගනන් ගන්න එපා මගෙ පෙනුමත් එහෙමයි.මං කොරියන් වුනාට ලුක් එක එන්ග්ලන්ඩ්.....මං කියන ඒවානම් නෙමෙයි මේවා.මාව දකින අය තමා කියන්නෙ.🤷 මන් මාව දකින විදිහ කියනවනම් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මං ලස්සන කෙල්ලෙක්.තද කහ පාට හමක් එක්ක වෙස්ටර්න් ලුක් එකක් කියන්නෙ ඉතින් , සල්ලි දීලවත් ගන්න පුළුවන් දෙයක්ද. එතකොට යූරා කියපු අනාත කතාව.ඔව් මං අනාත කෙල්ලක් තමා , හැබැයි මං දන්න තරමින් අනාත ළමයි අතරෙන් වාසනාවන්තම අනාතයා මං වෙන්න ඕනි 😏 මගෙ ඩැඩා මාව හදාගන්න අරන් තියෙන්නෙ ඉපදිලා පැය විසි හතරෙන්. ඒ මොහොතෙ ඉදන් අද දක්වාම , විශ්වාසයි ඊට පස්සෙත් ඩැඩා මට මුළු ලෝකෙම කෙල්ලෙක්ට ලැබෙන්න ඕන හැමදෙයක්ම ගෙනල්ලා දුන්නා...ඒ වගේම ගෙනල්ලා දෙනව.....තවමත්....ඔම්මා නැතිවෙලා තියෙන්නෙ මං අද ඉන්න තැන ඉන්න ඕනි කෙනාව මේ ලෝකෙට ගේන්න ගිහින්. ඩැඩාට එයාගෙ පළවෙනි දරුවයි එකම ආදරෙයි දෙකම නැතිවුනු මොහොතෙ මංලු එයාගෙ ජීවිතේට එළිය ගෙනාවෙ.මමලු එයාගෙ තරු පිරුණු මන්දාකිනිය.....ඩැඩාට මං ආදරෙයි පණටත් වඩා.....කෙල්ලෙක්ට ලැබෙන්න ඕනි හැමදේම තියන නිසා වෙන්නැති මං ආඩම්බර.ඒත් ඒක මගෙ හැටි.නපුරුයි.දුශ්ඨයි.ඒත් ඉතින් මං හොදයි.
             මොන දේ තිබ්බත් වැඩක් නෑ......මගෙ ජීවිතේ තියෙනව එකම එක හිස්තැනක්.ඒ හිස්තැනනම් ඔම්මෙකුයි අපෙකුයි නැති හිස්තැන ඩැඩා නැති කලා වගේ කාටවත් නැති කරන්න පුළුවන් අඩුවක් නම් නෙමෙයි 😞........මකලා දාන්න පුළුවන් එයාටම විතරයි 🙂 කෝ ඉතින් අවුරුදු හතරක් තිස්සෙම කොච්චර ට්‍රයි කළත් බැරි වුනානෙ මට 🙂 ට්‍රයි ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කිව්වලුනෙ , මං ඒ කාලෙ ඉදන්ම මේ වැඩේට ඒ තියරිය....යූරා මගෙන් කෑවෙත් ඔන්න ඔය හිස්තැනට එන ටැග් එක මගෙන් උස්සන්න ගිහින් තමා.පාඩුවෙ හිටියනම් දුකක් නෑනෙ යූරා.මොනා කරන්නද.....දුක තමා 🙂💔
        මං බස් එකෙන් බැහැල ඇවිදන් ගියෙ සැලෝන් එකට.ඉස්සරහ තිබ්බ දිග මිරර් එකෙන් පේන මගෙ හැඩට තියෙන ඇග දිහා මං බැලුවෙ කට කොනින් හිනාවෙලා 😏 මගේ දිග කූරු කූරු තනි කළු කොණ්ඩෙ පශ්චාත් භාගෙ වැහෙන්නම දිගට වැටිලා තියෙන විදිහ මං වටයක් කැරකිලා බැලුවෙ මේ ඒ දර්ශනේ දකින අන්තිම වතාව නිසා.🤪 යා යා මං අද කොණ්ඩෙ කපනවා 🙂

𝚂𝙰𝚅𝙰𝙶𝙴 𝙿𝚁𝙾𝙲𝙴𝚂𝚂𝙾𝚁📍|| 𝙱𝚃𝚂 𝙺𝚃𝙷 𝙵𝙵 (𝚘𝚗 𝚑𝚘𝚕𝚍)Where stories live. Discover now