CHAPTER 3 - YOUR NAME ENGRAVED HEREIN

1K 191 106
                                    

.....ඒ සතුට ඒයාලගෙ යාළුවා එයාලට වඩා ‌‌‌‌‌වෙනස් කියලා දැන ගත්ත දවසටත් ඒ් විදියටම තියෙයිද කියලා බය වුන ‌වෙලාවල් නැතුවමත් ‌නෙමෙයි....

Flashback 3 years ago...

"ළමයි... හදිසි වැඩකට මට ස්ටාෆ් රූම් එකට යන්න වෙනවා. ඔයාලා මම එනකොට බෝඩ් එකේ දාලා තියන ගංගා ටික සිතියමක ලකුණු කරලා තියන්න ඕනෙ. කෑ ගැහුවයි කියලා එහා පන්තයෙ මැඩම් ගෙන් කම්ප්ලේන් එන්න බෑ." එහෙම කියාගෙන අපේ හිස්ට්‍රි මැඩම් පන්තියෙන් එලියට ගියා.

සිතියම් ලකුණු කරන එක පැත්තක තියලා මාත් ඇතුළුව පන්තියෙන් බාගෙකටත් වැඩිය ඩෙස් එකට ඔලුව තියා ගත්තෙ 6 පන්තියෙ ඉදලා ඉගෙන ගත්ත අනුරාධපුර රාජධානිය ගැන 10 පන්තියෙදිත් ආයෙම ඉගෙන ගන්න වුන එක ගැන දොස් කියමින්.

නින්දත් නොනින්දත් අතර හිටිය මට, අනූගෙ කටහඩ ඇහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නින්දත් නොනින්දත් අතර හිටිය මට, අනූගෙ කටහඩ ඇහුනා.

"තරින්දි... පොඩ්ඩක් බලන්නකො මහීමාට නින්ද ගිහින්ද කියලා."

තරින්දි මට ඇගිල්ලෙන් අනිනවා දැනුනත් මම දිගටම නිදාගෙන වගේ හිටියා.

"ඔව් ඒ වගේ තමයි ඇයි අනූ එහෙම ඇහුවෙ?"

"මේ... මම ටික දවසක ඉදලා ඔයාලාගෙන් අහන්න හිටියෙ. ඇයි මහීමාට සනීෂාගෙ නම කියලා විහිලු කරන්නෙ?"

"ඔයාටත් මාර ප්‍රශ්නනෙ තියෙන්නෙ අනූ..." තරින්දි මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.

"මොකක්ද තරින්දි. ඔයාටත් හැමදේම විහිලු.
ඇත්තටම... ඇත්තටම ඒ දෙන්නා එහෙමද?"

"එහෙමයි කිව්වෙ කොහොමයිද?"

"අයියෝ... මගෙත් මෝඩකමට මෙයාගෙන්ම අැහුවානේ. මහීමායි, සනීෂායි කපල් එකක්ද?" අනූ කලින්ටත් වඩා සද්දෙ අඩුකරලා ඇහුවේ තවත් කාටවත් ඒක ඇහෙයි කියලා බයෙන් වගේ.

TOO LONG TO THE DAWN [GL] ✔️Where stories live. Discover now