"සනීෂා ඒ නිෂ්මි නේද මොකද වුනේ??"
"මුකුත් නැහැ. දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ."
"ඒත් කියන්නකො... ඇයි ඔයාලා බැන ගත්තෙ?"
"පස්සෙ කියන්නම්. දැන් මට පොඩි වැඩකට යන්න තියනවා."
"හා හරි. ප්‍රශ්නයක් නම් කියන්න."
එයා මගෙ අත මිරිකලා ඒකට එකඟ වුණා කියන්න ඔලුවා හෙලෙව්වා
"ආ ඔයා අද හවස් වෙනකන් ඉන්නවා නේද මහීමා?"
"ඔව් ඉතින් ඉන්න වෙනවානෙ. "
"මං අපේ අම්මට කියන්නම් ඔයාව රෑට ගෙනිහින් දාන්න කියලා. "
"එපා අනේ මට තනියම ගියෑකි."
"ඔයාට යන්න පුළුවන් උනාට මම තනියම යන්න දෙන්නෙ නෑනෙ." ඒක ඇහුනු සෙසඳිට එක පාරට කැස්සකුත් හැදුනා. වෙන මොකක්ද පැහැදිලි ඊරිසියාව තමයි.
"එහෙනම් මම ගියා. හවසට හම්බෙමු.""එයා අද හරි අමුතුයි නේද?" සනීෂා යනදිහා බලන් සෙසඳි කිව්වා
"ඔව්. මොකක්ම හරි ලොකු දෙයක් වෙලා තියනවා."
සනීෂා සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ට බනින කෙනෙක් නෙමෙයි. කොටින්ම එයාට ඩියුටි වෙලාදෙි ගවුම කොටට ඇඳන් එන නංගි කෙනෙක්ටවත් බනින්න බැහැ. පස්සෙ අහ ගන්න ඕනෙ මොකද වුනේ කියලා.
අද හැමෝම එක එක වැඩ නිසා ගොඩක් බිසි වෙලා. සමහරු ස්ටේජ් එක සරසනවා. සමහරු මේන් හෝල් එකේ පුටු වල නම්බර්ස් අලවනවා. සමහරු චිත්‍ර අඳිනවා, අකුරු කපනවා... හැමෝටම වැඩ ගොඩයි.
අපි තව දෙතුන් පාරක් රිය'සල් කළා. නිෂ්මි ප්ලේ කරන්න අවා වුනත් අපි කිසි කෙනෙක් එක්ක වචනයක්වත් කතා කළේ නැහැ. සනීෂාත් එයා දිහා හැරිලාවත් බැලුවෙ නැහැ. අනේ මන්දා එයාලා දෙන්නත් මමයි අනූයි වගේ වෙලා.
හැම වැඩක්ම ඉවර වෙනකොට රෑ 8.30 ට විතර ඇති. මැඩම්ලාත් කෑ ගහනවා ළමයිනේ රෑ වෙන්න කලින් ගෙවල් වලට යන්න කියලා. ඒත් කිසිම කෙනෙක්ට ගෙවල් වල යන්න හිතක් නැහැ වගේ.
"මහීමා අපි යමුද? අම්මා ඇවිත් ඇති දැන්නම්"
"ඒක තමයි. ඇන්ට් බය වෙලාද දන්නෙත් නැහැ පරක්කු ඇයි කියලා."
"නැහැ නැහැ අම්මා මගෙ හැටි දන්නවා. සනීෂා හිනා වෙවී කිව්වා."
"ඉන්නකො මම බඩු ටික අරන් එන්නම්..."
YOU ARE READING
TOO LONG TO THE DAWN [GL] ✔️
Romance**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා. දවසක මහීමාට එයාගෙ හිතේ ඉන්න කෙනාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ කැමැත්ත හැමදාටම මහීමාග...