🖤 Episode 21 🖤

4.6K 833 267
                                    

(ළමයි Woo Binව මං ජේ විදිහට ගත්තෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(ළමයි Woo Binව මං ජේ විදිහට ගත්තෙ..)

සුමී එයාගෙ රූම් එකේ බැල්කනි එකට ආවෙ මීට දවස් ගාණකට කලින් ජිමින් කියපු දේ ගැන ආයෙත් හිතන ගමන්.. එදායින් පස්සෙ කෙල්ල ජිමින් හම්බවෙන්න තියා කොල්ලගෙ මූණ ඉස්සරහටවත් ගියෙ නෑ... කෙල්ලට තිබුණෙ දුකක්.. පොඩි කාලෙ ඉදන්ම කෙල්ල ජිමින්ට ආදරේ කලා.. තනියෙන් හිටපු කොල්ලගෙ පාළුව මකන්න සුමිත් ගොඩක් මහන්සි වුනා.. කොල්ලගෙ මූණට හිනාවක් ආවා කියන්නෙ එදාට කෙල්ලත් සතුටින්.. ඒ තිබුන ආදරේ ලොකු වෙනකොටත් ඒ විදිහටම ගලාගෙන ආවත් එකතැනකදි බාධාවක් ආවා.. ඒ සුමීගෙ මේට් වෙන කෙනෙක් වුණ එක.. එදා තමයි කෙල්ලගෙ ජීව්තේ කඩාවැටුන පලවෙනි මොහොත.. කෙල්ල ආදරේ කලේ ජිමින්ට ඉතින් වෙන කෙනෙක්ව මේට් විදිහට බාරගන්නෙ කොහොමද.. කෙල්ල ඒකට කීයටවත් කැමති වුනේ නෑ..

ඒත් ජින්.... සුමීගෙ මේට්.. කොල්ලා පුදුම විදිහට කෙල්ලට ආදරේ කලේ.. කොල්ලගෙන් ලැබුන ආදරෙන් එක දශමයක්වත් කෙල්ලගෙන් ජින්ට ලැබුනෙ නෑ.. ජින්ව හැමවෙලේම මැගෑරියා.. බැන්නා.. හැම වෙලේම විහිලුවකට ගත්තා.. පුලුවන් හැමදේම කරලා ජින්ව එයාගෙන් ඈතකට යවලා ජිමින්ට ලං වෙන්න හැදුවත් ජින් කලේ මේ හැමදෙයක්ම ඉවසගෙන කෙල්ලට ආදරේ කරපු එක..
ඒත් සුමීට මේ හැමදෙයක්ම ඇතිවුණා.. ජින් එයාට බාධාවක් කියලා හිතලා එයාගෙ මාර්ගෙන් කොල්ලව අයින් කරලා දාන්න කෙල්ල තීරණය කලා.. ඒකට කෙල්ල උදව් ගත්තෙ එයාගෙ අප්පගෙන්.. ඒත් සුමී හිතුවෙවත් නැති විදිහට යොන්ග් ජෝ ජින්ව මරලා දැම්මා.. කෙල්ල මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. ජින් එයාගෙ ජීවිතෙන් අයින් වුන එකට සුමීට ඇතිවුණ සුලු සතුටට වඩා කෙල්ල දුක් වුනා.. එයා නිසා අසරණයෙක් මැරුණ එකට.. කෙල්ල ඒ සිද්ධියෙන් පස්සෙ එන්න එන්නම වෙනස් වුනා.. ඒ ජින්ව අමතක කරලා දාන්න.. කොච්චර අමතක කරන්න හැදුවත් ජින් මැරුණෙ කෙල්ලගෙ හිතේ කොනක ලස්සන මතකයන් වගේම ලොකු දුකක් ඉතිරි කරලා.. කොල්ලා අන්තිම හුස්ම හෙලද්දිත් කෙල්ල දිහා ආදරෙන් බලන් හිටියෙ වචනයක්වත් කියන්නෙ නැතුව.. මේ හැමදෙයක්ම කලේ සුමී කියලා දැන දැනම ජින් එයාගෙ ආදරේට එක වචනයක් වත් කිව්වෙ නෑ.. ඒකමයි සුමීට හිතාගන්න බැරිවුනේ.. ජින් එයාට වෛර නොකරන්න හේතුව..මේ තුන්කොන් ආදරේ මැද සුමී තනිවුනා මිසක් එයාට ජිමින් ලැබුණේ නෑ..

My Alpha (Completed)Where stories live. Discover now