🖤 Episode 04 🖤

4.7K 855 73
                                    

" අප්පා.. එයා ඔයා කියන ඕනම දෙයක් අහනවා.. ඒක නිසා එයාට ආයෙ එන්න කියන්න.." සුමී ජිමින්ට ගත්ත කෝල් එකෙන් එයාගෙ බලාපොරොත්තු ඉටුවුනේ නැති නිසා එයාගෙ අප්පට කතාකලා..

" ජිමින් එහෙම ගියේ companyවල වැඩ බලන්න.. " සුමීගෙ අප්පා එහෙම නැත්තම්  යොන්ග් ජො එයාගෙ මුරණ්ඩු දුවට කිව්වා..

" හහ්.. අප්පා company වැඩ පැත්තකට දාන්න.. මෙහෙම ගියොත් ජිමින් මගෙන් ඈත්වෙලා යනවා.. මං එයාගෙ luna වෙන්න කොච්චර දේවල් කැපකලාද.. company නිසා ඒ අවස්තාව නැතිකරගන්න බෑ.. ඔයත් ඒ ගැන හොදට දන්නවනේ.. මොනාම හරි කරලා එයාව මෙහෙට ගේන්න නැත්තම් අර කුඩම්මා එයාගෙ ඔලුව වෙනස්කරලා දායි.. " සුමී කෙන්තියෙන් කෑගහලා එතනින් ගියා..

Alpha  කෙනෙක් කවදාවත් තමන්ගෙ pack එක අතාරින්නෙ නෑ.. ජිමින් කලේ එයාගෙ pack එකෙන් ටිකකට ඈත්වුන එක.. business වැඩවලට වගේම එයාගෙ ජීවිතේ ගොඩක් වෛර කරන කෙනෙක්ගෙන් පලිගන්න ඒක අවස්ථාවක් කරගත්තා.. පොඩිකාලෙ එයාට එයාගෙ ඔම්මව නැතිකරපු මනුස්සයා හොයාගෙන එයාගෙ ජීවිතේ අපායක් කරලා දාන එක ජිමින්ගෙ තියන එක අරමුනක්.. ඒ ගැන දැනගෙන හිටියෙ Mrs. Park වගේම ජිමින්ගෙ හොදම යාලුවා වුන taehyung... මව් සෙනෙහස ඕනෙම කාලෙදි ඒ ආදරේ නැතුව අඩපු කෙනෙක් තමයි ජිමින්.. ඒ ආදරේ උණුහුම නැතුව අඩපු පොඩි කොල්ලව මතක්වෙන වාරයක් පාසාම ඒ මිනීමරුවගෙන් පලිගන්න ඕනෙ කියන හැගීම ජිමින්ගෙ මුළු ඇග පුරාම උඩුදුවනවා..  යොන්ග් ජො කියපු විදිහට ජිමින්ගෙ ඔම්මගෙ මරණයට වගකියන්නෙ Mr. Min Dho.. මින්දෝගෙන් පලිගන්න හිතාගෙන ඉන්නකොට ජිමින්ට දැනගන්න ලැබුනා සෝආ කියලා මින්දෝට දුවෙක් ඉන්නවා කියලා.. කෙනෙක්ගෙන් පලිගන්න හොදම ක්‍රමය තමයි ඒ කෙනා ආදරේ කරන එයාට වටින කෙනෙක්ගෙ ජීවිතේ විනාස කරලා දාන එක.. හරියට තමන්ට පොඩිකාලෙදි දැනුනා වගේ අසරණකමක් මින්දෝටත් දෙන්න ඕනෙ කියලා හිතපු ජිමින් සෝආ ගැන විස්තර හොයන්න පටන් ගත්තා.. ඒත් එකම එක තැනකදි ජිමින්ටත් හේතුවක් හොයා ගන්න බැරි විදිහෙ ගැටලුවක් ආවා.. ඒතමයි මින්දෝ තමන්ගෙම දුව පොඩි කාලෙ ඉදන්ම අතෑරලා දාලා තිබුන එක.. කෙල්ල පොඩිකාලෙ ඉදන්ම හැදුනෙ වැඩුනෙ ළමා නිවාසෙක ඒ වගේම දැන් ජීවත් වෙන්නෙත් තනියම.. කොහොම වුනත් මින්දෝ එයාගෙ දුව ගැන හොයලා බැලුවා කියලා ජිමින් හොදින්ම දන්නවා..  ඒ කාලෙදිමයි ජිමින්ට එයාගෙ mateව මුණ ගැහෙන්නෙත්.. හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්... ජිමින් ගොඩක් වෛර කරන කෙනෙක් තමයි ඒ.. මින්දෝගෙ දුව සෝආ..

My Alpha (Completed)Where stories live. Discover now