Waiting for you

98 19 5
                                    

Author's POV

උදේ 8.00 කියන්නේ සෝල් නගරය කාර්යබහුල වෙලාවක්..පාරවල් වල වාහන යනවා, මිනිස්සු ඇවිදිනවා, ලමයි ඉස්කෝලෙ යනවා,.... හැමෝම ගොඩක් කාර්යබහුලයි....                                                                   

ඒ අතරේ ලොකු ගොඩනැගිල්ලක 60 වෙනි තට්ටුවේ වීදුරු බිත්තියක් ලග කෙනෙක් අත් දෙක බැදන්  හිටගෙන ඉන්නවා, කාර්යබහුල සෝල් නගරය දිහා බලාගෙන..ඒත් ඇත්තටම එයා බලන් ඉන්නේ සෝල් දිහාද?
කෙනෙක් පිටතින් බලලා කියයි ඔව් කියලා...
නැහැ ඒක වැරදි...එයා මතක් කරන්නේ  එයාගෙ අතීතය... සතුට වගේම වේදනාව හැංගුන ඒ අතීතය ... පණටත් වඩා ආදරේ කරපු කෙනා තමන්ගෙ හිත බිදලා දාපු අතීතය ... තමන්ට වඩා විශ්වාස කරපු ආදරේ තමන්ව රවට්ටලා ගිය ඒ අතීතය.   
සුන්දර වගේම අදුරු මතක්වලින් පිරුණු ඒ අතීතය. ඒ අතීතයේ ජීවත් උන තමන්වම මතක් කරනවා .

ඒත් ඒ අතීතයේ හිටිය ජන්කුක් දැන් නැහැ.හැමෝටම හොදින් සලකපු , සැහැල්ලුවෙන් ජීවත් උන ,කෙනෙක්ට ගොඩාක් ආදරේ කරපු ජන්කුක් දැන් නෑ.. දැන් සෝල්වල Jeon's Empire බිල්ඩින් එකේ 60වෙනි තට්ටුවේ ඉන්නේ අවුරුදු හතරකට කලින් හිටිය ජන්කුක් නෙමෙයි, Jeon's Empire එකේ owner  , දකුණු කොරියාවෙ සාර්ථකම තරුණ ව්‍යාපාරිකයා.., නැත්තම් මෙහෙම කියන්නත් පුලුවන්  දකුණු කොරියාවෙ භයානකම මාෆියා කණ්ඩායම  BLACK SHADOWS එකේ  අභිරහස් නායකයා,
JJK.....

දැන් ඒ හිත ගලක් වෙලා කාටවත් ලංවෙන්න බැරි තරමටම.හිනාවෙන් පිරිලා තිබුන ඒ මූණ දැන් හිස් වෙලා ,හැගීමක් හොයන්න බැරි තරමටම.දැන් එයාට ඕනෙ පලිගන්න ... තමන්ගෙ තාත්තව මරපු අයගෙ පලිගන්න , තමන්ගෙ හිත බිදපු කෙනාගෙන් පලිගන්න..ඒත් ඒ වෛරයෙන් පිරුණු හිත ඇතුලෙ තාමත් ඉස්සර හිටපු ජන්කුක් ජීවත් වෙනවා ,හිතේ කෙරවලක තාමත් ආදරේ තියෙනවා.. තාමත් ඒ ආදරේ හොයනවා..ඒ හිනාව හොයනවා...ඒ හිනාවෙ අ‍යිතිකාරිව හොයනවා..ඒ ලස්සන ඇස් දෙක හොයනවා....

ඒත් JK ට ඕනෙ තමන්ගෙ වේදනාවට පලිගන්න.. එයාගෙ  ජීවිතේ ගෙවපු අදුරුම කාලෙ වෙනුවෙන් පලිගන්න ..ඒ හැමදේකටම හේතුවක් උන කෙනාගෙන් පලි ගන්න..

         
ඒත් දෛවය එයාලගෙ ජීවිතේ කොහොම වෙනස් කරයිද කියලා කව්රුවත් දන්නේ නෑ..( මංවත් දන්නේ නෑ 😉 )

The Love Under Hateजहाँ कहानियाँ रहती हैं। अभी खोजें