Chapter 12 💜️

1.4K 231 226
                                    


" මේ දරුවට හොඳටම උණ " යුවිව බලපු ඩොක්ටර් යුවිගෙ අම්මටයි තාත්තාටයි කිව්වා

" උණ? " යුවිගෙ අම්මා අැහුවා..

" ඔව්...මෙයා කලන්තෙ දාලා නම් තියෙන්නේ ඇඟ දුර්වල වෙලා නිසා..දවස් දෙකක්ම ඇඟට කිසිම ආහාරයක් ලැබිලා නැහැනේ..මම දැන් මෙයා කන්නෙ නැති නිසා සේලයින් එකක් දුන්නා..හෙට උදේ වෙද්දි ඩිස්චාර්ජ් කරන්න පුලුවන්..බය වෙන්න දෙයක් නෑ.."

" හරි ඩොක්ටර්..." යුවිගෙ අම්මා ඔලුව වැනුවා..

" මේ ළමයත් කරගන්න වැඩ😐" යුවිගෙ අම්මා නිදාගෙන හිටපු යුවි දිහා බලලා කිව්වා

ඊළඟ දවස
🌞

" අක්කේ..මේ බලන්න BTS ලා ඇවිත් ඔයාව බලන්න.."

ඊයෙ දවසටම කිසිම සිහියක් කටක් නැතුව හිටපු යුවිට අලුත් පණක් ආවා වගෙ යුවි එකපාරටම නින්දෙන් ඇහැරිලා වටපිට බැලුවා

" කෝ කෝ BTS ලා කෝ? "

" ඔච්චර ගොං වෙන්න එපා අක්කේ..BTS ලා කොහෙද මෙහේ...අනික එයාලා එයිද අනෙ මේ වගෙ hospital වලට..මොළයක් නැද්ද ආහ්....??? 😂 "

" අයියො...මම....මම...හිතුවේ...නෑ නෑ..අනෙ මන්දා මගෙ ඔලුව නරක් වෙලාද කොහෙද? "

" ඔලුව නම් නරක් වෙලා කියලා පේනවා..අඩො අක්කේ අන්න අර ආන්ටි එනවා.."

" කවුද බන් ඒ පාර.."

" අර අම්මගෙ යාලුවා අර ඔයාව දුව කරගන්නද කියලා ඇහුවේ දවසක්..මතකද..මෙහෙ ඩොක්ටර් කෙනෙක්නෙ එයත්.."

" අනේ..මාලි ආන්ටි..අපරාදේ අම්මලට තිබ්බේ මාව එයාට හදාගන්න දෙන්න..එතකොටවත් මම සතුටින් ඉන්න තිබුණා...😐 "

" හාහා කට කට..ඔන්න එනො එයා " යුවිගෙ මල්ලි එතනින් හිමින් සැරෙ මාරු වෙලා ගියා..

" යුවන්‍යා දුව!! මං මේ දැනගත්ත ගමන් ආවේ..දැන් හොඳයි නේද..බෙහෙත් බිව්වද? තව ටික වෙලාවකින් ඔයාව ඩිස්චාර්ජ් කරනවලු.."

" දැන් නම් ටිකක් අඩුයි ආන්ටි.."

" මොකො මේ ඇස් ඉදිමිලා..උණ හින්දා ඇස් ඉදිමෙන්න බැහැනෙ.."

The Lucky Army Girl Pt. 2 💜️Where stories live. Discover now