තවත් සතියක් ගෙවිලා ගියේ කුකීව එයාගෙ කාමරේටම තනි කරලා....
දැන් කුකීට සාමාන්‍යයෙන් සනීප නිසා ජින් තීරණය කලා එයාට ස්කෝලෙ යන්න දෙන්න. මාසෙකට විතර පස්සෙ ස්කෝලෙ යන නිසා ජින් ස්කෝලෙට දැනුම් දීලා තිබුනෙ හදිසියෙන්ම සෝල් වලින් පිට යන්න වුන නිසා කුකීට ස්කෝලෙ එන්න බැරි වුන බව. කුකී ඉගෙන ගන්න දක්ෂ නිසා ස්කෝලෙන් ලොකුවට අවුලක් වුනේ නෑ.
කුකී හිටියෙ ගොඩාආආක් සතුටින්.. එලියට යන්න ලැබෙන නිසා. පහුවදා උදේම ජින් ඇහැරවන්නත් කලින් නැගිටලා කුකී ලෑස්ති වුනා.
"කුකී... දගලන්න දුවන්න පනින්න ලෑස්ති වෙන්න එපා... වෙලාවට බෙහෙත් ටික බොන්න හොදද.. පරිස්සමින් යන්න පුලුවන් ද.. මං ගිහින් දාන්නද..."
"එපා හ්යුන්ග්.. මට තනියම යන්න පුලුවන්."
"හ්ම්... බායි කුකී.."
"බායි හ්යුන්ග්.."
-------------------------------
ටේ උදේම කම්පැනි එකට ගියේ එයාගෙ සුපුරුදු වැඩේට...
ඔව්.. සතියක් තිස්සෙ දැන් එයා උදේට පාර බලන් ඉන්නෙ කුකී එතනින් ස්කොලෙ යයි කියලා..
"අදවත් එන්න හා පැටියෝ... තව නම් මට ඉවසන් ඉන්න බෑ."
එතකොට එයා දැක්කා ඈත ඉදන් උඩ පැන පැන එන කුකීව..
Tae pov:
දෙයියනේ මහන්සි වෙන්න එපා කියල තියෙන එකේ මේ ලමයා එන විදිහ..
මාව දැක්කෙ නෑනේ තාම...
මං ටක්ගාලා එතන තිබුනු phone box එකක් පිටිපස්සට ගියා..
උඩ පැන පැන ආව ලමයා... දැන් මොකෝ හෙමින්...
වට පිට බල බල කාවද දන්නෑ හොයන්නෙ...මගෙ කාර් එක ලගට ගිහින් ඒකට එබිලත් බැලුවා. හනේ... දැන්නම් මූණ සත පනහක් වගේ...
ටිකක් වෙලා බිල්ඩින් එක දිහාත් බලන් ඉදලා... මූණ බිමට හරවන් එයා ඉස්සරහට ඇවිදන් ගියා...------------------‐----------------
හ්යුන්ග් නෑනෙ.... එයා දන්නවා නෙ මං ස්කෝලෙ යන්නෙ මෙතනින් කියලා... වාහනෙත් තියෙනවා... සුට්ටක් බලන් ඉන්න බැරිද මං එනවද කීලා...
YOU ARE READING
||♡♤Destiny of the Mafias'♤♡||
Fanfiction"අනේ හ්යුන්ග් එන්නකෝ මාව බේරගන්න.. මට මෙහේ ඉන්න බෑ හ්යුන්ග්... මට බයයි..." -JJK- "මං ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ! ඔයා මගේ විතරයි හා පැටියෝ!" ...