Chapter 17

1.6K 386 121
                                    

Soo-yun's View

මම උදේ නැගිට්ටෙ තද ඔළුවෙ කැක්කුමත් එක්ක..උදේ වෙද්දි අඩුවෙයි කියලා හිතුවට පොඩ්ඩක්වත් අඩු නෑ..හොද වෙලාවට අද නිවාඩු දවසක් වුනේ..නැත්නම් නිවාඩු දාලා ගෙදර ඉන්න තමයි වෙන්නෙ..ඒ තරමටම ඇගට දැනුනෙ ලොකු අමාරුවක්..අතට වාරු දීලා යන්තම් ඇදෙන් වාඩි වුණේ ඇගට පණ නෑ වගේ දැනුන නිසා..

කවදාවත් නැති තරම් පුදුම අමාරුයි ඇගට..ඇග වෙනදට වඩා රස්නෙයි කියලා මට හොදටම දැනුනා..ඒත් මං හිතුවෙ මහන්සියටයි ඇගේ අමාරුවටයි කියලා..කොහොමහරි වාරු අරගෙන බාත්රූම් එකට ගියෙ මූණ හෝදගන්න..

එකපාරටම ලොකු කැස්සක් ආවෙ හුස්ම ගන්නවත් වෙලාවක් නැතිවෙද්දි..උගුර පසාරු වෙනවා වගේ වේදනාවක් එක්ක කටට දැනුනෙ ලේ රසක්...යන්තමට ඔළුව උස්සලා බැලුවමයි දැක්කෙ..මගේ කටින් ලේ එනවා...

මාව එහෙම්ම බාත්රූම් එකේ බිම ඉන්දවුණේ හිතට දැනුනු බය එක්ක කකුල් හිරිවැටිලා යද්දි..මම ඇදගෙන හිටය ඇදුමෙ කරවටේත් ලේ ගෑවිලා..ආයෙත් නවත්තගන්න බැරි කැස්සක් එක්ක මම එහෙම්ම බිමට ඔළුව තියාගත්තෙ ඔළුව කැරකෙනවා වගේ දැනුන නිසා..

'මට මොකද මේ වෙන්නෙ? බැරිවෙලාවත් මට...අන්ද්වේ...බෑ...මට එහෙම වෙන්න විදිහක් නෑ...'

අමාරුවෙන් ඔළුව කෙලින් කරගෙන ෂවර් එක යට වාඩිවෙලා ෂවර් එක ඇරියෙ හිතේ බය මේ වතුරෙන්ම හේදිලා යනවනම් කියලා හිතාගෙන...

'මං මොකද කරන්නෙ? ඔව්..හොස්පිටල් එකට යනවා...වෙන ලෙඩක් නම් මං කීයටවත් හොස්පිටල් යන්නෙ නෑ...ඒත් මට මොනවහරි වුණොත් අප්පට මොකද වෙන්නෙ? මං ජීවත් වෙන්න ඔිනෙ..හැමදේටම කලින්..'

බාත්රූම් එකෙන් එළියට ඇවිත් අතට අහුවුණ ඇදුමක් ඇදගෙන ගෙදරින් එළියට බැස්සෙ ලේන්සුවක් කටට තියාගෙනමයි...දැනටමත් ඒ ලේන්සුවෙ ලේ පාරවල් වලින් රටා මැවිලා..ලස්සන රතු පාටින් එක එක පැතිවලට ඉරි හිටලා..ඒත්...ඒ ලේ..ජීවිතේ ගැන අවිශ්වාසය ඇති වෙද්දි මම අඩිය ඉක්මන් කරේ හෝසපිටල් එකට යන්න..

"සෝයූන්? අප්පව බලන්නද ආවෙ?" හොස්පිටල් එකට යද්දි ඇහුණ හුරුපුරුදු කටහඩ නිසා මං හැරිලා බැලුවා..

Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now