[_චර_] - 1

1.2K 133 23
                                    

මචං මං සහනා
මේ දොර අරින්න..තාම නිදිද බන්?

කහ ගැහුණු පැරණි තාලයේ ලී දොරට මහත් වේගයකින් තට්ටුකරන හැඩිදැඩි සිරුරැති තරුණ පුද්ගලයෙකි..තද නිල් පැහැති කමිසයෙහි දෙයත් වැලමිටි තෙක් නවා යටකර දුඹුරට හුරු කාකි කලිසමකින් ද සැරසී සිටින ඔහු බැලු බැල්මටම කාගේ වුවත් නෙත් සෙත් පැහැරගන්නේය..එසේම තලෙළු පැහැති මුව, පළල් නළලත හා ඍජු නාසය මෙන්ම පිලිවෙලකට හා තරමකට කොටට කපා ඇති රැවුලද යම් ආලේපනයකින් උස්ව නංවා හැඩ කර ඇති කොණ්ඩයද ඔහුගේ මනා පෙනුම තවදුරටත් ඔපවත් කිරීමට සමත්‍ ය.

ඉන්න..ඔය දොර කඩන්නේ නැතුව...

දොර විවෘත කරමින් ඉන් පිටතට පැමිණියේ උඩුකය නග්නව හා දණහිස තෙක් වූ කලිසමකින් සැරසුණු සහන්ට හාත්පස වෙනස් වූ පෙනුමකින් යුත් තවත් තරුණයෙකි..
සහන් මෙන් උස් වූ නමුදු ඔහු කිසිසේත්ම හැඩිදැඩි යැයි කිව නොහැක. ඔහුගේ අපිළිවෙල ස්වභාවය වඩ වඩාත් අවලස්සන ලෙස කැපී පෙනෙන්නේ වැවී ඇති දිගු අපිලිවෙල රැවුල ද කෙටි කැරලි සහිත අකීකරු කොණ්ඩය නිසාවෙන් වග ඔහු දකින කවරෙකු වුවද එකඟ වනු ඇත.එනමුදු ඔහුගේ දිලිසෙන නොසැලෙන අකාරයේ තද කළු පැහැති ගැඹුරු දෑස් ඔහු තුළ වූ සියළු අඩුපාඩුකම් නොසලකාහැරීමට තරම් කාන්තිමත් ය..

මොකෝ බන් මේ උදේ පාන්දර?උබලගේ පොලිසියේ උදේට උදේට දැන් අර භාවනාව නැද්ද? (දන්නෝ දනිති)
එකී තැනැත්තා විමසුවේ ය.

අනේ මේ පලයන් චර..

මං මේ ආවේ අලුතෙන් සම්මාදන් වෙන්න වැඩක් තියෙනවා කියන්න..

ඕ ඕ..නියමයි..මාත් මේ ටික දවසක් තිස්සේ මොලේ හිරි ඇරගන්න විදියක් කල්පනා කරකර හිටියේ..
චර කීවේ දොර හොඳින් ඇර සහන්ට ඇතුළට ඒමට ඉඩ සලසා දෙමිනි..

අනේ මන්දා..එහෙමම සංකීර්ණ දේකුත් නෑ...

හරි හරි බලමුකෝ..මේ තාම උදේට කාලනෑනේ..ඔතනින් වාඩිවෙලා ඉන්න..මං මොනා හරි හදාගෙන එන්නම් උබටත් එක්ක..

විනාඩි කිහිපයකට පසු සහන් හා චර අසුන් ගෙන සිටියේ චරගේ කුඩා අපිළිවෙල කාමරේ වූ එකම තනි චතුරස්‍රාකාර ලී මේසය වටා ය.

[_චර_]Where stories live. Discover now