[_චර_] - 4

285 65 21
                                    

චර ආරක්ශක නිලධාරියාගේ උරහිසින් අල්ලා හඬ ගෑවේය.

අයියෝ..ඕගොල්ලො ගාව වෙන කෝණෙකින් තියෙන සීසිටිවී ෆොටේජස් නැද්ද?මේකේ තියෙන්නේ යන්තම් එන,යන එකයි සීසීටීවී එකට පිටිපස්ස හැරිලා ඉන්න ටිකයි විතරයිනේ.

නෑ සර්..ඔච්චරයි.එතන තියෙන්නේ එක සීසීටීවී එකයි.

ආරක්ශක නිලධාරියා චර වෙත පෙරලා පිළිතුරු දුන්නේය.

සහන් මේක දිහා බලන්න..දවස් තුනේම ඉන්නේ එක්කෙනෙක්..ඒත් කවුද කියලා හොයන්න බෑ..මුහුණ පේන්නේ නෑ.වැහි ජැකට් එකක් ඇඳගෙන හෙල්මට් දාලා.කොහොමත් මෙච්චර ලොකු රැවුලක් තියෙන්න නම් තලේබාන්කාරයෙක් වෙන්න ඕනේ..ඕක බොරු රැවුලක් අනිවාරෙන්ම.

ඔව්..පොඩි පහේ වෙස්වලා ගැනීමක් වගේ..නේද?

සහන් උපහාසයෙන් විමසුවේය.

ඔව්..ඒ මනුස්සයගේ ඇත්ත පෙනුමේ මුකුත්ම වගේ හොයාගන්න බෑ.

සදීශා ද සංවාදය වෙත තම නිරීක්ශනය එක් කළේය.
ඒ අතරතුර සහන් වසන්තගේ ලිපිනය ඇතුළු විමර්ශන වාර්තා සදීශා වෙත ලබා දී වැදගත් රැස්වීමක් ඇතිබව කියා ඔවුන්ගෙන් සමුගත්තේය.

චර තවත් පරිගණක තිරය වෙතට යොමුව දින තුනෙහිම රූපරාමු සසඳමින් තවත් පැයක පමණ කාලයක් එහි ගතකළේය..සියල්ල අවසානයේ ඔහු සෑහිමකට පත් වූ හඬක් නැඟුවේය.

මේ ෆයිල් එක සහන් සර් දෙන්න කිව්වා..කොහේද යන්නේ දැන් අපි??

චර සදීශාගෙන් ෆයිල් කවරය උදුරාගත්තේය..

තමුන් මොකද ඔය මගේ බයික් එකට නඟින්න හදන්නේ?ආ..ආ..මේක බක්කි කරත්තයක් නෙවේ..දැන් වෙලාව කීයද බලනවා..දවල් කෑම වෙලාවත් පහුවෙලා.අදට තමුන්ගේ වැඩ ඉවරයි.ගිහින් අද දැක්ක සීසීටීවී ගැන හොඳට හිතනවා..

සර් එහෙනම් මාවත් යනගමන් ස්ටේශන් එක ගාවින් දාගෙන යන්නකෝ..ඒ පාරෙන්නේ කෝමත් යන්නේ..

චර සදීශා දෙසට දවා අලුකරනසුළු බැල්මක් හෙලා සැනන් එතැනින් නික්ම ගියේය..

මගේ බුදු අම්මෝ..මේ චර කියන කෙනාට මූලග්ගින්න කියලා හැමෝම  කියන කතාව ඇත්ත ඒනම්.මාර කේන්තියක් නේ යන්නේ..මොන ගල් මූසලයෙක්ද මන්දා..මං වගේ ලස්සන කෙල්ලෙක්ව බයික් එකේ දාගෙන යන්න පිනක් නෑ..මදෑ මටත් හම්බෙන ට්‍රේනින්..

[_චර_]Where stories live. Discover now